Tuesday, July 10, 2012

෴කොපි කිරිල්ල෴

       අද කියන්න යන කතාවට සම්බන්ද දෙයට නම් වැඩි දෙනෙක් කැමති නැ..හුගක් දෙනෙක් දෙයියන්ගෙන් ඉල්ලන්නේ මේවා නැති රටක ඉපදේවා....!! කියලා. දන්නවනේ ඉතින් අර විභාග කියන්නේ...තේරුනේ නැද්ද..??හරි සිංහලෙන්ම කියන්නම් අර Exam කියන්නේ....මේක ඉතින් විභාග කතාවක්...





        මේක හරියටම උනේ විශ්වයා දහය වසරේ දෙවැනි වාර විභාගේ ඉතිහාසය පේපර්  එක ලියද්දි. වැස්සකට හරි ඉස්ස්කොලේ ගිය අය දන්නවනේ ඉතින් ඉතිහාසය කිව්වම නැතුවම බැරි විෂයක් වගේම බර පාඩම් කිරිල්ලක් තියෙන්නේ කියලා. ඔය පාඩම් කිරීම මම ඇතුළු අපේ පන්තියේ සෙට් එකට දිරවන්නේ නැ ඕකට පොඩි ලේසි ක්‍රමයක්‌ හොයා ගත්තා (හොයාගත්තා කිව්වට ඉස්ස්කොලේ ගිය හැම කෙනෙක්ම මෙම ක්‍රමය අත්හදා බලන්න ඇති.) විභාගෙට අහයි කියලා ගෙස්ට් කරන ටික විස්තර ඇතුව කොලවල ලියාගෙන පේපර් එක වෙලාවේදී බර දාලා ලියනවා ඕක අපි වාර දෙකක්ම අති සාර්ථක විදිහට අත්හදා බැලුවා.

    එත් මේ වාරේ වැඩේ කෙල උනා..අපි එදා විභාගේ ලිව්වේ හෝල් එකක නෙමෙයි පන්ති කාමරයක එකේ එක ටීචර් කෙනෙකුයි, ළමයි 40 විතර ඉන්න ඇති (ගැනු ළමයිනුත් හිටිය ඇ..) හැම ළමක් ලගම වගේ  අර ඉසල්ලා කියපු විදිහේ කෝල තිබුනා(විශ්වයා ලගත් ඔය පොඩි A4 කොලයක් සයිස් කොලයක් තිබුනලු..) එක එකා හොර රහසේ තමන්ගේ පාඩුවේ ගේම් එක තිතට ගෙනියමින් හිටියා.ඔන්න වැඩේ ඉස්සල්ලම ඇන ගත්තේ ටීචර්ගේ මෙසේ ලගම හිටිපු ගැනුලමයෙක් (ගැනුළමයිට මොකුත්හරියට කරගන්න බැරි හැටියක්....)  

     ටීචර් කොළ ටික බලපු ගමන් ටීචර්ට වැඩේ මීටර් මොකද ටිචරුත් ඔය කලේ පාස් කරලනේ අවේ... :D ඒ කෙල්ල මොන බොරුව ගැහැව්වත් වැඩේ මාට්ටු අපිත් ඔය කෙල්ලට හිනා වේවි හිටියා. ඔන්න එක පාරටම ටීචර් කියපි


"උබලා මාව තම්බන්න එනවා නේද ..හිටපන් උබලා ඔක්කොමලාව මම චෙක් කරනවා"  කියපි ඔය වචන ටිකට ඔක්කොගෙම මයිල් කෙලින් වෙලා හිටියා
ඔන්න අපේ සෙට් එකේ හිටපු කොල්ලෝ හතර පස් දෙනා (අපේ සෙට් එක විහාග ලියන්නෙත් එකට එතකොට පේපර් බලන ටීචර්ට ලේසියි නේ....:D) ඩාර් ගාලා කෙල්ලෝ ලග නැති අර ස්ථානෝචිත මොකද්ද එක පාවිච්චි කරලා හෙව්වා පිලියමක්

තමා ලග තියන කොළ ටික තමාම අමාශයගත කරගන්න කියලා.

(විශ්වයා අහිංසක ලෙස තමාට හිමි කොලය ගිලින අයුරු)

        ටීචර් පේලිය පේලිය බල බල එන ටයිම් එක ඇතුලත මම ඇතුළු අපේ සෙට් එක ඔය තියරිය ලෙසටම ක්‍රියාත්මක කළා කොල්ලෝ ටික කොළ ගුලි කර කර ගිලිනවා... මමත් ඉතින් ඇරියේ නැ කොහොම හරි මා ලග තිබිණ කොලේ ගිල්ලා....

       කොහොම හරි දෙයියන්ගේ පිහිටෙන් අපේ සෙට් එකට මොකුත් අව්ලක් ගියේ නැ.... ඔන්න විභාග ශාලාවෙන් එලියට අපුහම මාර නිදහසක් දැනුනා. ඔන්න දැන් එක එකා කියනවා ගිලපු කොළ ගාන.මම කිව්වා

"මම නම් A4 එකක් ගිල්ලා" තව එකෙක් කිව්වේ නැද්ද "මම කොළ හයක් ගිලලා.අද නම් ඉන්ටවල් එකට කන්නත් බැ බන් "කියලා ( වූ මුළු පොතම ලියාගෙන ඇවිල්ලද කොහෙද )

(අරු කොළ හයක් ගිලපු හැටි මට තාමත් හිතාගන්න බෑ)

       ඔන්න හොදම සීන් එක තමයි එකෙක් කියපි "මම කොළ පහ මාරක් ගිල්ලා.." කියලා. මම පැනපු ගමන් ඇහැව්වා "ඇහැ.. ඒ කොහොමද බන් එතකොට ඉතුරු කැල්ල ".

"මම උදෙන්ම කාලා ආව හින්දා කොළත් බොහොම අමාරුවෙන් ගිල්ලේ අන්තිම බාගේ ගිල්ලේ නැ"
මු ඉතුරු කැල්ල තියාගෙන බේරුනේ කොහොමද. ටීචර් ෆුල් චෙකප් එකක් දැම්මනේ...මාර ආන්ජමිකයි.


"එතකොට උබ කොහොමද බන් බේරුනේ"

එතකොට මු පල් හිනාවක්‌ දාලා කලිසම අස්සට අත දාලා පෙන්නුවේ නැතැයි ඉතුරු කොළ කැල්ල......

ඔන්න ඔය විදිහට විශ්වයාගේ කොපි කිරිල්ලත් අවසන් වෙනවා.....!!
(ඔය කිව්වට ඕක නැවත්තුවොත් විභාග ගොඩයනවා බොරු...)








෴රේඩියෝ බ්ලොග් සතිය෴





14 comments:

  1. ආයේ ඉතින් උත්තර අමතක වෙනවයැ දැනුම කාපුහම එල එකට විබාගේ ලියන්න ඇති

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවා නම් මම මුළු පොත් ටිකම කනවා...!!

      Delete
  2. ඉතින් කොළ සේරටම ඔය වැඩේ කලා නම් හරිනේ.

    ReplyDelete
    Replies
    1. මට හිමි ටිකට මම වගකිව්වා....

      Delete
  3. ඇෆ්ෆ්ඵා හිනා වෙලා පන ගියා මට

    ""මම කොළ හයක් ගිලලා.අද නම් ඉන්ටවල් එකට කන්නත් බැ බන් "කියලා ( වූ මුළු පොතම ලියාගෙන ඇවිල්ලද කොහෙද )"

    හැක හැක හැක

    ReplyDelete
  4. :) :) හී හී..

    ReplyDelete
  5. උඹලා හෙන හොරුනේ බලන් ගියාම :)

    ReplyDelete
    Replies
    1. ඔය වෙලාවට ඕවා මතක නැ විභාගේ ගොඩ දන්නනේ ට්‍රයි එක.....!!

      Delete
  6. මෙහෙමත් හොරු...මම බොරු කියන්නෑ..මමනම් ඕව කරල නෑ...කොච්චර ගුස්පි කැත කුණු අජරාමර වැඩ කලත් ඉස්කෝලේ කොපි කලේ නම් නෑ..නමුත් දැන් හිතෙනව ඒකත් කලානම් ඔයාට වගේ පෝස්ට් එකක් දාන්න තිබ්බනේ කියලා...

    නියම කථාව...නමුත් කොල ගිලින්න පුළුවන්ද ? බැරිනම් කොහොමද ගිල්ලේ නේද?

    ජය වේවා අදමයි මේ පැත්තට ආවෙ ආයෙමත් එන්නම්කෝ...

    ReplyDelete
    Replies
    1. අපි කොපි කලේ හොර හිතකින් නෙමේ...කණ්ඩායම හැගීමෙන්... :D...
      කොපි කරලා නැද්ද?..අය්යෝ එහෙනම් ඉස්කෝලේ ගියේ ඇයි..

      Delete
  7. අපොයි විශ්වායියේ ඔයාගෙ අවවාදෙ නිසා යාන්තන් අද මම ඔය වැඩේම කොරල ඉතිහසය පේපරේ ගොඩ දා ගත්තා

    ReplyDelete
    Replies
    1. අපි දෙයක් කියන්නේ අත්දැකිමෙන්නේ...
      කොල කෑවද...........

      Delete

 
;