Wednesday, July 18, 2012

෴ඉංග්‍රීසි කෙරුවාව෴

             මේ සිද්දිය වෙද්දී විශ්වයා තුන වසර පාස් කොලා විතරයි. එකියන්නේ හතර වසරේ වුන සිද්ධියක් මේකත් ඉතින් විභාග සම්බන්ධයෙන් තමා. මගේ බ්ලොග් එක කියවපු කස්ටිය දන්නවා නේ ඉතින් විශ්වයා කොරපු ඉංග්‍රීසියි, විභාගයි ගැනයි. ඔන්න ඒකාලේ ඒ කියන්නේ මම හතර වසරේ ඉන්නකොට තිබුනලු වාර අවසාන විභාගේ කියලා එකක්. දන්නවනේ ඉතින් හතර වසරේ කියන්නේ ඊලග අවුරුද්දේ ශිෂ්‍යත්වේනේ. පහ වසරට පාස් වෙන්න නං විෂයන් හැටහුටාමාරක් විතර තියනවා ඔකෙනුත් හැම දාම පුරුදු පරදී කෙල වෙන විෂයක් තිබුනා " මව් භාෂාව" (එකට සිංහලෙන් කියන්නේ ඉංග්‍රීසි කියලා) ඒ කාලේ ඉදන්ම මට එක  අරහං .


            ඔන්න එදා ඒ අවාසනාවන්ත දවස උදා උනා (විභාගේ දවස) ඒ අවාසනාවන්ත කම තවත් වැඩි කරමින් එදා තිබුනේත් ඉංග්‍රීසි...ඇඩෙනවා තනි ඇහැට... "විභාගේ ෆේල් උනත් මොකෝ ඉංග්‍රීසි ලියන්න ඕනේ මානසිකව වැටෙන්න හොද නැ" ඔහොම හිතලා ගිහින් ඉදගත්තා විභාගේ ලියන්න ඔන්න පේලියට බෙදාගෙන බෙදාගෙන යනවා. යන ගමන් මිස් මටත් එකක් දීගෙන ගියා.අනේ මට එපා කියන්න හිතුනත් කිව්වේ නැ. මුළු ඇගම  කිලිපොලා ගියා එක දැක්කම අසාවට එක වචනයක් නැ සිංහලෙන්(ඉතින් යකෝ ඉංග්‍රීසි පේපර් එකේ කොහෙද සිංහල වචන තියෙන්නේ..අනේ මේ විශ්වයාටත් හිතෙන ගොන් දේවල්) කොහොම හරි හිස්තැන් පුරවන ඒවාට යටින් ඉරි අදින ඒවා ටික සම්පුර්ණ කළා එත් විදේශාදාර ඇතුව.


           ඔන්න දැන් අවසාන පිටුව වගේම කතාවේ හොදම හරිය....පුරුදු පරදී අන්තිමටම තිබුනේ රචනාවක් ලියන්න වැඩේ තියෙන්නේ රචනාව ලියන එකේ නෙමෙයි ලියන්න තියන භාෂාවේ. ඔන්න දෙමළෙන් වගේ තිබුනා නම් ලියනවා(ඒ කලේ ඉංග්‍රීසි වලට වඩා මට දෙමළ පුළුවන් දැන් නම් එකේ අනිත් පැත්ත) ඒ කාලේ දන්නෙත් වචන දෙකයි තුනයි බැට්, කැට්, බූක්.....ඔයවගේ ඒවා තමයි. තව එකේ ඉදන් දහයට පුළුවන් ඒ බි සි ඩි පුළුවන් ඉංග්‍රීසි යෙන් නම ලියන්න පුළුවන්...  ඔය ටික ඉතන් රචනාවට ලියන්න පුළුවන් යැ

          කරන්න පුළුවන් හොදම දේ තමයි කියලා රචනාව නොලියා ඉන්න දැඩි තීරණයක් ගත්තා. ඔය ටික ඔහොම වෙනකොට අනිත් උනුත් ලියලා ඉවරවෙලා මිස්ට පේපර් එක දීලා යනවා මාත් ඉතින් නිකන් ඔක්කොම ලිව්වා වගේ ,ලකුණු 100%  මානසිකත්වය ඔලුවට අරගෙන ගියා මිස් ලගට

"මිස් මම පේපර් එක කරලා ඉවරයි" කියලා දුන්නා
කරපු නැති පිටුව අන්තිමට වැටෙන්න හරවලා දුන්නා.

"කෝ  බලන්න" කියලා අරගෙන පෙරලුවේ නැතැයි පිටු ටික ඔක්කොම.
මගේ ඇගේත් මයිල් කෙලින් උනා

"පුතා අන්තිම පිටුවේ තියන රචනාව ඔයා දැකලා නැද්ද කොහෙද ඔයා ලියලා නැනේ.මම දැන් දැක්ක හින්දා හොදයි නැත්තම් ලකුණුත් නැ .ඉක්මනට ලියාගෙන එන්න..!!"  
 ඔය වෙලාවේ..ඇයි යකෝ දන්නේ නැති හින්දනේ ලිව්වේ නැත්තේ ලකුණු දෙන්න බැරිනම් තියා ගන්න කියලා කියන්න හිතුනත් කිව්වේ නැ. බයට නෙමේ පව් හින්දා

මොනා කරන්නද අයෙ කරබාගෙන ගිහින් විදේශ අදාර ඇතුව ලියලා දුන්නා............

ඔන්න ඔහොමයි විශ්වයා ඒ කාලේ ඉංග්‍රීසි පේපර් ලිව්වේ............

     
Read More

Tuesday, July 10, 2012

෴කොපි කිරිල්ල෴

       අද කියන්න යන කතාවට සම්බන්ද දෙයට නම් වැඩි දෙනෙක් කැමති නැ..හුගක් දෙනෙක් දෙයියන්ගෙන් ඉල්ලන්නේ මේවා නැති රටක ඉපදේවා....!! කියලා. දන්නවනේ ඉතින් අර විභාග කියන්නේ...තේරුනේ නැද්ද..??හරි සිංහලෙන්ම කියන්නම් අර Exam කියන්නේ....මේක ඉතින් විභාග කතාවක්...





        මේක හරියටම උනේ විශ්වයා දහය වසරේ දෙවැනි වාර විභාගේ ඉතිහාසය පේපර්  එක ලියද්දි. වැස්සකට හරි ඉස්ස්කොලේ ගිය අය දන්නවනේ ඉතින් ඉතිහාසය කිව්වම නැතුවම බැරි විෂයක් වගේම බර පාඩම් කිරිල්ලක් තියෙන්නේ කියලා. ඔය පාඩම් කිරීම මම ඇතුළු අපේ පන්තියේ සෙට් එකට දිරවන්නේ නැ ඕකට පොඩි ලේසි ක්‍රමයක්‌ හොයා ගත්තා (හොයාගත්තා කිව්වට ඉස්ස්කොලේ ගිය හැම කෙනෙක්ම මෙම ක්‍රමය අත්හදා බලන්න ඇති.) විභාගෙට අහයි කියලා ගෙස්ට් කරන ටික විස්තර ඇතුව කොලවල ලියාගෙන පේපර් එක වෙලාවේදී බර දාලා ලියනවා ඕක අපි වාර දෙකක්ම අති සාර්ථක විදිහට අත්හදා බැලුවා.

    එත් මේ වාරේ වැඩේ කෙල උනා..අපි එදා විභාගේ ලිව්වේ හෝල් එකක නෙමෙයි පන්ති කාමරයක එකේ එක ටීචර් කෙනෙකුයි, ළමයි 40 විතර ඉන්න ඇති (ගැනු ළමයිනුත් හිටිය ඇ..) හැම ළමක් ලගම වගේ  අර ඉසල්ලා කියපු විදිහේ කෝල තිබුනා(විශ්වයා ලගත් ඔය පොඩි A4 කොලයක් සයිස් කොලයක් තිබුනලු..) එක එකා හොර රහසේ තමන්ගේ පාඩුවේ ගේම් එක තිතට ගෙනියමින් හිටියා.ඔන්න වැඩේ ඉස්සල්ලම ඇන ගත්තේ ටීචර්ගේ මෙසේ ලගම හිටිපු ගැනුලමයෙක් (ගැනුළමයිට මොකුත්හරියට කරගන්න බැරි හැටියක්....)  

     ටීචර් කොළ ටික බලපු ගමන් ටීචර්ට වැඩේ මීටර් මොකද ටිචරුත් ඔය කලේ පාස් කරලනේ අවේ... :D ඒ කෙල්ල මොන බොරුව ගැහැව්වත් වැඩේ මාට්ටු අපිත් ඔය කෙල්ලට හිනා වේවි හිටියා. ඔන්න එක පාරටම ටීචර් කියපි


"උබලා මාව තම්බන්න එනවා නේද ..හිටපන් උබලා ඔක්කොමලාව මම චෙක් කරනවා"  කියපි ඔය වචන ටිකට ඔක්කොගෙම මයිල් කෙලින් වෙලා හිටියා
ඔන්න අපේ සෙට් එකේ හිටපු කොල්ලෝ හතර පස් දෙනා (අපේ සෙට් එක විහාග ලියන්නෙත් එකට එතකොට පේපර් බලන ටීචර්ට ලේසියි නේ....:D) ඩාර් ගාලා කෙල්ලෝ ලග නැති අර ස්ථානෝචිත මොකද්ද එක පාවිච්චි කරලා හෙව්වා පිලියමක්

තමා ලග තියන කොළ ටික තමාම අමාශයගත කරගන්න කියලා.

(විශ්වයා අහිංසක ලෙස තමාට හිමි කොලය ගිලින අයුරු)

        ටීචර් පේලිය පේලිය බල බල එන ටයිම් එක ඇතුලත මම ඇතුළු අපේ සෙට් එක ඔය තියරිය ලෙසටම ක්‍රියාත්මක කළා කොල්ලෝ ටික කොළ ගුලි කර කර ගිලිනවා... මමත් ඉතින් ඇරියේ නැ කොහොම හරි මා ලග තිබිණ කොලේ ගිල්ලා....

       කොහොම හරි දෙයියන්ගේ පිහිටෙන් අපේ සෙට් එකට මොකුත් අව්ලක් ගියේ නැ.... ඔන්න විභාග ශාලාවෙන් එලියට අපුහම මාර නිදහසක් දැනුනා. ඔන්න දැන් එක එකා කියනවා ගිලපු කොළ ගාන.මම කිව්වා

"මම නම් A4 එකක් ගිල්ලා" තව එකෙක් කිව්වේ නැද්ද "මම කොළ හයක් ගිලලා.අද නම් ඉන්ටවල් එකට කන්නත් බැ බන් "කියලා ( වූ මුළු පොතම ලියාගෙන ඇවිල්ලද කොහෙද )

(අරු කොළ හයක් ගිලපු හැටි මට තාමත් හිතාගන්න බෑ)

       ඔන්න හොදම සීන් එක තමයි එකෙක් කියපි "මම කොළ පහ මාරක් ගිල්ලා.." කියලා. මම පැනපු ගමන් ඇහැව්වා "ඇහැ.. ඒ කොහොමද බන් එතකොට ඉතුරු කැල්ල ".

"මම උදෙන්ම කාලා ආව හින්දා කොළත් බොහොම අමාරුවෙන් ගිල්ලේ අන්තිම බාගේ ගිල්ලේ නැ"
මු ඉතුරු කැල්ල තියාගෙන බේරුනේ කොහොමද. ටීචර් ෆුල් චෙකප් එකක් දැම්මනේ...මාර ආන්ජමිකයි.


"එතකොට උබ කොහොමද බන් බේරුනේ"

එතකොට මු පල් හිනාවක්‌ දාලා කලිසම අස්සට අත දාලා පෙන්නුවේ නැතැයි ඉතුරු කොළ කැල්ල......

ඔන්න ඔය විදිහට විශ්වයාගේ කොපි කිරිල්ලත් අවසන් වෙනවා.....!!
(ඔය කිව්වට ඕක නැවත්තුවොත් විභාග ගොඩයනවා බොරු...)








෴රේඩියෝ බ්ලොග් සතිය෴





Read More

Monday, July 9, 2012

෴සුපිරි හය෴

මතක නම් මම කිව්වා ෆිල්ම් එක ගැන කතාවක් පස්සේ කියන්නම් කියලා..ඔන්න අද ඒ කතාව කියන්නම් කට්ටිය බලයි මොකද්ද යකෝ  සුපිරි හයයි ෆිල්ම් එකයි අතරේ සම්බන්දය කියලා....: D මේ දැන් ඔය යන ශ්‍රී ලංකා ටෙස්ට් මැච් එක ගැන නෙමෙයි. සුද්ද සිංහලෙන්ම කිව්වොත් Super Six ඕක දන්නේ නැති එකෙක් ලංකාවේ ඉන්න බෑ මට ඔය එක එක ලෙඩ තියනවා එකක් තමයි ඔය  ෆිල්ම් උන එක හොද කරගන්න තාමත් උත්සහ කරනවා ඔය උන, සිංහල  ෆිල්ම් වලට නම් එච්චර නැ ඉංග්‍රීසි  ෆිල්ම් වලටනම් බරටම තියනවා. ඔය කියන සිංහල ෆිල්ම් එක ඒ කියන්නේ සුපර් සික්ස්  ෆිල්ම් එක ඉස්සල්ලාම මම බැලුවේ  ෆිල්ම්හෝල් එකක එකත් ඉතින් අපේ සෙට් එකත් එක්ක ෆුල් නිත්‍යානුකූල විදිහට ක්ලාස් එහෙම කට් කරලා ගම්පහ පබ්ලික් හෝල් එකට 1.30 බලන්න සෙට් උනා එදා සෙනසුරාදා දවසක්ද කොහෙද.. ඕක ලංකාවේ ප්‍රදර්ශනය කරපු පලවෙනි දවසේ තමයි අපිත් සෙට් වෙලා තියෙනේ වැඩිය කස්ටිට නැ..20ක් 30ක් විතර ඉන්න ඇති ගණන් කරන්න බැරුව ගියා වෙන වෙන වැඩ තිබුනා කරන්න....:D .(දැන්නම් ආරංචි උන විදිහට හෝල් එකට ලන් කරන්නත් බැලු) ෆ්ලිම් එකනම් දෙමල ෆිල්ම් එකක කොපියක් වගේ සින්දු ටිකනම් මරු ගැනුළමයි ගේ ඇදුම වලට නම් වැඩිය වියදමක් නැ කොහොම කොහොම හරි පොඩි සද්දයක් එහෙම දාගෙන ෆිල්ම් එක බැලුවා...කොල්ලොනේ ඉතින්....අන්තිමට මගේ අදහසකට අනුව ඔක්කොම ටිකට් කැලි ටික විනාස කොරලා  ක්ලාස් ඉවර වෙලා එන විදිහට තමයි තමයි ගෙදරට සම්ප්‍රාත්ත උනේ. දෙයියන්ගේ පිහිටෙන් වැඩේ මට්ටු නැ....
(පේනවා නේ ඉන්න හැටි)
(ජංජාලේන් ඉස්සුවේ)

 ඔන්න දැන් තමයි පුරුදු පරදී විශ්වයා කතාවේ ඇන ගන්න කොටසට අවේ...ඔය වැඩෙන් සති දෙකකට විතර පස්සේ අපේ ගෙදර කස්ටියට ඕනා උනා ඕක බලන්න........(අපේ ගෙදර උන්ටත් නිකන් ඉන්න බැරි හැටි) මමත් බෑ කියන්න බැරි කමට බුරුවා වගේ වැඩේට කැමති උනා..නිකන් හම්බවෙන චාන්ස් එකනේ කියලා..
පස්සේ අපේ ගෙදර උන්ටත් මොන මලදානෙක ගියත් තනියම යන්න බැනේ...අපේ කට්ටිය වටපිට හෙන සෙට් ඒකකව වැඩේට ගාවගෙන මල කෙලියයි එක වැන් එකක යන්න කස්ටිය වැඩියි. එහෙම කියලා දවස් දෙකක යන්න දාගත්තා.ඔන්න එදා 1.30 බලන්න ජාඇල CINIE-MAX එකට සම්ප්‍රාත්ත උනා මමත් ඉතින් මොරාල් අප් එකන් හොද සිට් එකක් අල්ලගෙන් වාඩි උනා කියමුකෝ...... ෆිල්ම් එක පටන් ගත්තාට පස්සේ තමයි බඩු බනිස් උනේ මගේ තවත් ලෙඩක් මට අමතක උනා බලපු ෆිල්ම් එකක් යද්දී එකේ ඊළගට වෙන කොටස ඔටෝ ම කටින් එලියට පනිනිවා.. ඕක බොහොම අමාරුවෙන් තද කරගෙන හිටියත් කට ඉස්සර උනානේ ඔන්න ඊළගට වෙන්න්න යන කොටසක් අම්මට ඇහුනා

"කොහොමද පුතේ එක කිව්වේ"
ඔන්න ඔය වෙලාවේ මට කර කියා ගන්න දෙයක් නැති උනා
අම්මා යොමු කරපු පන්දුවට වැනුවා පාරක්

"අහා මේ ඕක ගහලා තියෙන්නේ දෙමල ෆ්ලිම් එකකින් අම්මේ එකෙත් ඔය ටිකම තමා වෙන්න. එකයි කිව්වේ "
සාර්ථක හතරේ පාරක්
අම්මටත් කට උත්තර නෑ

"එක ඇත්ත ඔය හුගාක් ෆ්ලිම් දෙමල,ඉංග්‍රීසි,හින්දි ඒවායින් තමා ලංකාවේ උන් උස්සන්නේ "
ඔන්න මමත් ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන මගේ ලෙඩේට මුල් තැන දෙමින් කතාව ඉවර වෙනකම්ම ෆුල් විස්තරයක් අම්මාට සැපයුවා..
අම්මට මල පැනලා ගැහැව්වේ නැති ටික විතරයි....

ඔන්න අර කිව්වා දෙවෙනි කස්ටියත් එක්කත් ඊලග දවසේ අයෙ යන්න සෙට් උනා. ඕකට තමයි කියන්නේ දෙන්න ගියාම දෙයියෝ කිස් දිදී දෙනවා කියලා...
එත් ගියාමයි එකේ ආනිසංශය තේරුනේ...ගිහින් හොද මුල්ලක් අල්ලලා දොයිය ගත්තා කන පැලෙන්න..
ඇයි බෝල මොන යාකටද පුළුවන් එකම ෆිල්ම් එක තුන් පාරක් බලන්න....

ඔන්න ඔය විදිහට විශ්වයාගේ සුපිරි හය බැලිල්ලත් ඉවර වෙනවා...!!!!



෴රේඩියෝ බ්ලොග් සතිය෴




Read More

Tuesday, July 3, 2012

෴තෑග්ග෴

මේක මට හම්බුන තෑග්ගක් ගැන සටහනක්. ඉතින් උපන්දිනයකට තෑග්ගක් හම්බවෙන එක සාමාන්‍ය දෙයක් නේ. ඔන්න විශ්වයටත් ඔය උපන්දිනයකට (ඔන්න මගේ උපන්දිනේ පහු උණා,මැයි මාසේ) හම්බුනා වැදගත් උත්තමයෙකුගෙන් පොඩි පහේ තෑග්ගක් එකේ වටිනාකම සතෙටම කිව්වොත් රු.500 දැන් බලයි කොහොමද කිව්වෙ කියල ඇයි බෝල ගිෆ්ට් වව්චර්වල ගහල තියෙනවනේ.... :D ඕක ODEL එකේ එකක්,(ගිෆ්ට් වව්චර් එකේ පොටෝ එකක් ගන්න බැරුව ගියා.)





 මට ඕක හම්බවුනාට පස්සේ මම ඕකෙන් මුකුත් ගන්න හිතුවේ නැ එත් හේතු දෙකක් මත ගන්න උනා.

  1. ඕක මම වෙන කෙනෙක්ට දෙන්න හිටියේ (තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා) එත් එක හරි ගියේ නැ 
  2. දවසක් ජාඇල CINIEMAX එකට යන්න සෙට් උනා ෆිල්ම් එකක් බලන්න reality plaza එකට ගියාම ODEL shop එකක් සෙට් උනා.(ෆිල්ම් එක ගැන කතාවක් පස්සේ කියන්නම්) 
ෂොප් එකේ කැරකෙනකොට බෑන්ඩ්(Wrist Band) වගයකට ඇහැ ගියා. තෝරලා තෝරලා හිත ගිය හොදම හයක්‌ ගත්තා එකක් 75 ගානේ 6ක්‌ 450 කරන්න දෙයක් නැ ඉතුරු 50 තනියට ගිය එකාට පිදුවා  

ඔන්න අද පොස්ට් එකට දාන්න පොටෝ දෙක තුනක් ගන්න හිතුවට කැමරාවක් නැ. එකට හේතුව මගේ පරණ පොස්ට් එකක තිබුනා දැන් තියන ෆෝන් එකෙන් පොටෝ ගහන්න බෑ(එකේ කැමරාවක් නැ)
කොහොම හරි පොටෝ ටිකක් ගත්තා 
ඔන්න ගිෆ්ට් වව්චර් ඒකෙන් ගත්ත දේවල් 
(ඔය adidas බෑන්ඩ් එක ගත්තේ නෑ එක විශේෂ කෙනෙක් ගෙන් හම්බුනේ)





(ඔය wallet එක ODEL ඒකෙන නෙමේ ගත්තේ)

(අමාරුවෙන් පියාණන්ගේ කැමරාවෙන් ගත්තා පොටෝ දෙක තුනක්)

මට ඉතින් පොටෝ අරන් නිකන් ඉන්න බැනේ ඉතින් පොටෝ සාප්පුවට දාලා ගත්ත ඒවා  


වැඩ්ඩා වගේ 6ක් ගත්තාට අතට දන්නේ 4යි වැඩිය දැම්මොත් විකාරයක් වෙනවා දැන් ඉතුරු 3ට මොකද කරන්නේ........???

ඔන්න විශ්වයාගේ තෑගි ගැනිල්ල ගැන ඔන්න ඔහොම ඉවර වෙනවා.....!!!


Read More
 
;