Saturday, June 16, 2012

෴විශ්වයාගේ දුරකථන වංශකතාව෴



ඔන්න ඉස්සල්ලාම කිව්වා මේ කියන්නේ මගේ ෆෝන් ගැන වංශකතාව. සමහර කොල්ලෝ ෆෝන්(අර සිංහලෙන් phone කියන්නේ) එකට කියන්නේ වයිෆ් කියලා එහෙම බැලුවොතින් මට වයිෆ් ලා තුන් හතර දෙනෙකුට වඩා ඉදලා තියනවා සමහර වයිෆ්ලව මාරු කළා, සමහර අය වික්කා, සමගර අය මැරුණා,... ඔහොම කියාගෙන යනකොට නිකන් කැතයි වගේ එක හින්දා ෆෝන් කියලම කියමු.

මට මගේම කියලා ෆෝන් එකක් හම්බ වෙනකොට මම ඇති දහය වසරේ විතර එකත් අපේ ගෙදර ලොකු උත්තමයා පාවිච්චි කරලා දුන්නේ චයිනිස් ෆෝන් එකක් මෙන්න තියනවා
Alfatel H2






මේක ඇත්තම පින්තුරයක් නෙමේ ජංජාලේන් උස්සපු එකක්. මේකේ විශේෂත්වය උනේ කන පැලෙන්න සද්දේ දාන්න පුළුවන් හැබැයි mono කොලිටියක් ඇත්තෙම නෑ තව පොටෝ එකක් ගන්නවට වඩා හොදයි නිකන් ඉනවා. හැබැයි SIM දෙකක් දාන්න පුළුවන් .ටික කාලයකට පසු එක එපා විය.




ඊට පස්සේ හම්බුන එක ටිකක් හැමකෙනාම දන්න කියන භාණ්ඩයක් අහා.. ඔය උඩ තියන ෆෝන් එක මාරු කලේ මේකට(කාත් එක්කද කියලා අහන්න එපා) මගේ ඊලග ෆෝන් එක තමයි

NOKIA N70



මේ පින්තුරෙත් gsmarena ඒකෙන ඉස්සුවේ. දන්නවනේ ඉතින් nokia කියපුවම. මේක නියම ෆෝන් එක තාමත් පරණ අදුරන උන් හම්බුනාම අහන්නෙම" කෝ බබං අර උබ ගාව තිබුන N70 කියලා" මේකේ මම හුගක් ආස මේකේ කැමරා එකටයි මියුසික් ප්ලේයර් එකටයි. ඊට පස්සේ ලස්සන ෆෝන් එකකට ඇහැ ගැටුනා එකට පිස්සු වැටුනා එක ගන්න N70 වික්කා තව සල්ලි ටිකක් මදි උනා එක හොයාගන්නකම් ගෙදර තිබුන පරණ ෆෝන් එකට අයෙ බැස්සා. මේක මම ක්ලාස් යනකොට හංගගෙන ගියේ ලැජ්ජාවට එක තමයි

NOKIA 1600



මේකත් gsmarena එකෙන් ඉස්සුවේ මේකත් නියම භාණ්ඩේ. දැක්කහම තේරෙනවනේ මේකෙන් කරන්න පුළුවන් මොනාද කියලා. මේකත් මාසයක් විතර පාවිච්චි කළා. ඔන්න සල්ලි ටික එකතුකරගෙන ගත්තා පට්ට භාණ්ඩේ මේකට මම වහ වැටිලා හිටියේ මේක තමයි ඒ කලේ තිබුන හොදම එක

NOKIA 5800 XpressMusic











ආසාව වැඩි කමට පින්තුර දෙකක්ම දැම්මා ( gsmarena එකෙන් ඉස්සුවේ) මේක ගත්ත දවසේ ඉදන් කලේ මේකට app පුරවපු එක මේක Music Edition එකක් හින්දා පට්ට සවුන්ඩ් stereo speakers තිබුනේ අයෙ මේ ෆෝන් එක එකක්ක තව එකක් මාරු කළා පොඩ්ඩක් බර බ්‍රෑන්ඩ් එකක්



HTC touch pro2














මේකේ තිබුන O/S එක මට දිරෙව්වෙ නෑ Microsoft Windows Mobile 6.1 තිබුනේ Microsoft එකෙන් නවත්තලා තියෙන්නේ මේකට සපෝට් නෑ


ඕක එපා වෙලා ඉන්නකොට තමයි මට පසිද්ධ ලෙඩකට ගොදුරු උනේ


බය වෙන්න එපා එක "Android ගාය" (වාහන පිස්සුවට රථ ගාය කියනවනම් අපි කිව්වම මොකෝ)


එතකොට හිතුන දෙයක් තමයි දැන් පවිච්චිකරපුවා ගත්තා ඇති ගන්න ඕනා අලුත්ම, අලුත්ම, අලුත් එකක් කියලා .ඔය උඩ තියන එකත් විකුනලා මහන්සි වෙලා සල්ලි ටිකක් හොයා ගත්තා(මහන්සි උනා කිව්වේ අම්මාගෙනුයි තාත්තාගෙනුයි කඩාගන්න) හොයලා හොයාල තෝරාගත්තා ඇන්ඩ්රොයිඩ් එකක්








Sony Ericsson Xperia X8




මේක සුදු උනාට මගේ ලග තිබුනේ කළු එකක් මම මේ ෆෝන් එකට කරපු නැති දෙයක් නෑ


සුපිරිම ෆෝන් එකක් තමයි


(දැන් Sony Xperia වල මාර ෆෝන් සෙට් ටිකක් තියනවා අසාවෙ බෑ )


මගේ X8 එක


Root කළා


ROM මාරු කළා


Flash කළා


අන්තිමට Bootloder එක මාරු කරන්න ගිහින් වැඩේ කෙල උනා ෆෝන් එක මැරුණා.


(මැරෙන්න කලින්)




































අන්තිමට හිතේ තිබුන දුක තුනී කරගන්නත් එක්ක මේ ලගදි ගත්තා අලුත්ම ෆෝන් එකක් අයෙ NOKIA එකක් හැම කෙනාම දන්නා එකක්


NOKIA 1280



Msg කොටන්න කියපු භාණ්ඩේ චයිනිස් වගේ නෙමෙයි හදිස්සියකට අඹ ගෙඩියක් හරි කඩාගන්න පුළුවන්.බල්ලෙක්ට පුසෙක්ට බය නැතුව ගහන්න පුළුවන්....etc

ඒවගේම Flashlight එකක් තියනවා Radio තියනවා. stopwatch තියනවා වැඩ ගොඩයි. ඇයි සිංහලත් තියනවා මම කැමතිම එක තමයි චාජ් කරන්න ඕනේ දවස් පහකට හතරකට සැරයක් තමයි

මම මේක ගෙනියන්න ලජ්ජා නෑ ඇයි ඔක්කොමලා ලග මේවා තියනවා නේ .... :D
Read More

Wednesday, June 13, 2012

෴නාට්ටි කෙරුවාව෴

    මේ ලගදි දැකපු සීන් එකක් නිසා මට උන රස කතාවක් මතක් උනා.මේක වෙනකොට විශ්වයා යන්තම් හත වසර විතර ඇති. ඒකාලේ මම හිටපු පන්තියේ මම(මගේ වැරැද්ද ද සර්ගේ වැරැද්ද ද දන්නේ නෑ) ඇතුළු කොල්ලෝ තුන් දෙනයි කෙල්ලෝ දෙන්නේකුටයි වගේ ඉංගිරිසි වචන දෙකක් තුනක් අමුණ ගන්න පුළුවන් විත්තිය අපේ පන්තියට ඉංග්‍රීසි උගන්වපු සර්ට නොට් වෙලා තිබ්බා(ඒ කලේ අපේ පන්තියේ කාටවත් වැඩිය කඩ්ඩ බැ ඔය සෙට් එකට පන්තියේ අනිත් උන්ට සාපේක්ෂව පොඩ්ඩක් පුළුවන්). ඔන්න ඒ දවස වලම අපේ ඉස්කෝලේ ලොකු සර්ටත් ඕන වෙලා තිබුනා  මේ වසරේ ඉස්කෝලේ ඉන්ග්ලිෂ් ඩේ(English Day)එකක් හැම පන්තියකින්ම එක දෙයක් එදාට ඉදිරිපත් කරන්න ඕනා. එකත් හා කියමු එත් එකත් කඩ්ඩෙන්. එදාට මොනාද වෙන්න ඕන කියලා කියන්න පන්තියකින් එක්කෙනා ගානේ තෝරලා පොඩි රැස්වීමක් තිබුනා. අපේ පන්තියෙන් මාව තෝරාගෙන අම්මා ගහයි බැට් එකන් කිව්වලු. කොහොම හරි රැස්වීමට ගියා මගේ වෙලාවට කව්රුත් කඩුව වනුවේ නෑ...

      මට තිබුනේ පන්තියේ අනිත් ළමයිවත් එකතු කරගෙන එක විශේෂාංගයක් ඉදිරිපත් කරන එක හැම කොල්ලෙක්ම මේ වගේ වෙලාවට දාන තියරිය මාත් දැම්මා... :D "තාමගේ ඇග බේරා ගැනීම".අන්තිමට අවසාන තීරණය උනේ ඉංග්‍රීසි නාට්‍යක් ඉදිරිපත් කරන්න.එකත් ලේසියට පුංචි මොලේ වෙහෙසලා අපේ ඉංග්‍රීසි පෙළ පොතේම තිබුන දෙබසක් අරගෙන පොඩ්ඩක් Edit කරලා ගත්තා. අර සර්ට නොට් සෙට් ඒකෙන් කොල්ලෝ දෙන්නෙක්ව කොහොම හරි රගපාන වැඩේට කැමති කරව ගත්තා. කෙල්ලෝ රගපාන වැඩේට  කොහොමත් නෑ.තෝරගත්ත දෙබස තමයි "මහින්දා ගමනය"(අර තිස්ස රජු,  මුවාට විදින්න යනකොට තිස්ස තිස්ස කියන සින් එක) තව තුන්දෙනෙක්ව ගත්තේ ඉංග්‍රීසියෙන් මොකුත් කියන්න දෙන්නේ නෑ කියල වැදලා වැදලා මුවාටයි හමුදුරුවන් දෙන්නේකුටයි කොල්ලෝ තුන්දෙනෙක් සෙට් කර ගත්තා.ඔය ඔක්කොටම දවස්‌ දෙකක් ගියා හෙට තමයි ඉන්ග්ලිෂ් ඩේ එක ඔන්න මම කිව්වා අද ගෙදර ගිහින් මැරීගෙන හරි ඕක හෙට පාඩම් කරගෙන වරෙන් කියලා එදා දවසම මම ෆුල් අතල් එකේ ඉදලා අනිත් දවසේ ඉස්කෝලේ යනකොට අඹ ගහේ ජම්බු කිව්වලු. මාර සීන් එක අරුන්ට පාඩම් කරන්න ඕන කොල මම ගෙදර ගෙනිහින් ගෙදරම දාලා ඇවිත් මල කෙලියයි. හොද වෙලාවට එක කෙල්ලෙක් ලග අපි  Edit කරලා හදා ගත්ත දෙබසේ කොලේ තිබුනා.(මුල් පිටපත.. :D) දැන් මුන්ට පාඩම කරන්න වෙලාවක් නෑ නේ ඉතින් "උබලා ඕක අතේ ලියාගෙන ෂේප් එකේ ඕක බල බල කියපන්" කියලා මම කියලා අර කොලේ දුන්නා දීලා මම ඇවිත් හෝල් එකෙක් ඉදගෙන හිටියා ඔන්න කඩුව වනලා වනලා ඕක පටන් ගත්තා" ඔන්න මීලගට හත ශ්‍රේණියේ විශේෂාංගය" කියලා ඉංග්‍රීසියෙන් කිව්වා මගෙත් හාට් එකේ ඩික් ඩික් එක වැඩි උනා එකෙක් රජ වගේ ඇදගෙන අනිත් උන් තුනදෙනා තැබිලිපාට රෙදි කෑල්ලක් දාගෙන ඉතුරු එකා මුවා වගේ...


     ඔන්න මුවා දුවගෙන් ගිහින් වැඩේ පටන් ගත්තා.....දෙන්නා වැඩේ ලෙසටම ගෙනියනවා අත බලාගෙන කියනවා කියලා වැඩිය තේරුනේ නෑ. ඔහොම කියාගෙන යද්දී පොඩි අව්ලක් වගේ තේරෙනවා.. (මොකද අපිමනේ ඕක හැදුවේ.) යකෝ මුන් දෙන්න දෙබස් මාරු කරගෙන කියවනවා එක මුන් දෙන්නටම තේරිලා වැඩේ කොහොම හරි ෂේප් කර ගත්තා..හදිස්සියට එක කොලේ බලාගෙන් අතේ ලියා ගද්දි අන්තිම ටික පටලවාගෙන. එත් හොදම සින් එක කියන්නේ බලන්න අපු දෙතුන් දෙනෙකුට ඇරෙන්න කාටවත් වැඩේ තේරිලා නෑ...ඔන්න ඔහොමයි පොඩි කලේ  විශ්වගේ නාට්ටි කෙරුවාව

සිද්ධිය ලියාගෙන එද්දී දිග වැඩි උනාද මන්දා.....කොහොම උනත් මෙහෙම නාට්ටි කෙරුවාවක් කාටවත් අත් නොවේවායි ප්‍රර්ථනා කරනවා ..!!
Read More

Sunday, June 10, 2012

෴මැරෙනකන් උඩපැනීම෴

මමත් ඉතින් ඉදලා හිටලා විහිලුවට වගේ ට TV එකේ යන නාට්ටියක්(නාට්ටි කිව්ව්වේ නාට්‍යය කියන වචනය කෙටි කරලලු) එහෙම බලන කොල්ලෙක් තමයි. ඔහොම බලනකොට දැක්ක සිද්ධියකින් පොඩි කතාවක් මටක් උනා. සිද්ධිය ඉතින් කස්ටිය දකින්න ඇති එත් කියන්නම්. කැම්පස් එකට අලුතෙන් අපු සෙට් එකක් රැග්‍(Rag) කරන සීන් එකක්. කස්ටියට බයිසිකල් රේස් එකක් වගේ රගපාන්න කියන්නේ.
      කියන්න අපු එකත් අමතක වෙනවා.මට මතක් උන කතාව..... මේක කිව්වේ ගම්පහ ඉන්න ප්‍රසිද්ධ සර් කෙනෙක්(සැ.යු. සර් ගේ අදහස තිබුනට මගේ අතින් දාපු ඒවත් ඇත)  .
  මේකයි ස්ටොරිය A/L කරන කට්ටිය ප්‍රධාන කොටස් තුනක් ලු.


  1. මේ  කොටස තමයි පැය 24රම පොත අතේ, භාහිරපරිසරය ගැන කිසිදු අවබෝධයක් නෑ ,ප්‍රයෝගික නෑ
  1. දෙවැනි කොටස ඔක්කොම සමබරව තියා ගන්නවා ප්‍රයෝගිකයි, සැහැල්ලුයි, විනෝදාත්මක, සෙට් එක ....
  1. තුන්වන කොටස තමයි ඉතින් ඔය දෙකටම නැති උන් හරියටම කිව්වොත් මෙලෝ රහක් නැති උන්, කරන්නං වාලේ කරන උන් 
කොහොම හරි මේ කොටස් තුනම A/L කරලා කැම්පස් යන්න වෙන්නේ 1 හා 2 කියන කොටස් දෙකටනේ එක කියන්න දෙයක් නෙමෙයි නේ. ඔහොම ගියාම මේ සෙට් දෙකටම සාම්ප්‍රදායික ක්‍රමයට රැගක් කන්න වෙනවනේ. ඔන්න ඉතන් වැඩිහිටි කියලා හිතාගෙන ඉන්න ලොකු අයියා කෙකුට කැම්පස් එකට අලුතෙන් අපු මල්ලිලා දෙන්නෙක් ව සෙට් වෙනවා. මේ ලොකු අයියට "දෙන්නේ ඕනා මුන් දෙන්නට රැග්පාරක් කියලා" පොඩි සිතුවිල්ලක් පහල වෙනවා.හැබැයි මේ මල්ලිලා දෙන්නා ඉහත වර්ගීකරණයට අනුව එක් කෙනෙක් 1වැනි කොටසේත් අනික් කෙනා 2වැනි කොටසේනුත් කැම්පස් අපු දෙන්නෙක්. ඔන්න අයියා එලෙසම අර සිතුවිල්ල ක්‍රියාවට නංවනවා. දෙන්නා ලගට ගිගින් පොඩි සද්දයක් එහෙම  දාල මල්ලිලා දෙන්නට කිව්වලු " උබලා දෙන්නා මැරෙනකන් උඩ පැනපන්" කියලා.


 ඔන්න ටික වෙලාවකට පස්සේ 1කොටසේ මල්ලි බරටම උඩ පනිනවලු හිටු කියලා. අයිය කියපු වැඩක නේ  
2කොටසේ  මල්ලි උඩ පැන පැන හිටපු හරියෙන් අම්ම්බෝ............!! #@!*&^ කියලා සද්දයක් ආවලු අයියා   ගිහින් බලද්දී 2කොටසේ මල්ලි බිමලු. මල්ලි නොකතා නොසිනා ලු. අයියා එකසිය ගානට බයවෙලා වතුර ටිකක් මුනට දාලා "මොකද මොකද මල්ලි කියලා" අහැව්වලු එක පාරටම මැරිලා වගේ හිටපු එකා ඇස් ඇරලා කිව්වලු " අනේ අයියේ මම මලා කිව්වලු". අයියටත් ටිකකින් වැඩේ මීටර් ලු...මැරෙනකම් නේ උඩ පනින්න කිව්වේ කියලා........... :-D    
    
Read More

Friday, June 8, 2012

෴දින පොතේ පළමු පිටුව.෴


බ්ලොග් ලියන කියවන යාලුවනේ, මේක තමයි මගේ පළමුවන පොස්ට් එක, ඔන්න මේක කියවන කස්ටිය බලනවා ඇති කව්ද බෝල මේ අලුත් එකා කියලා ඔන්න ඉතින් දිනපොත ගැනත් මම ගැනත් පොඩියට සදහනක් කරලා මගේ දින පොතේ පළමු පිටුව පටන් ගන්න හිතුනා.

ඔක්කොම දන්නවා ඇතිනේ දිනපොත කියන එක එකට සිංහලෙන් කියන්නේ ඩයිරිය (diary) කියලා. තව ඔක්කොම දන්නවනේ දිනපොතේ හම්බවෙන හැම මගුලම ලියනවා කියලා  ඩයිරියේ  ලියන දේට සීමාවක් නෑ මම දන්න එකෙක් ඉන්නවා එකා ඩයිරියේ ලියන්නේ කවි විතරයි. තව දෙයක් කෙනෙකගේ පෞද්ගලික ඩයිරියක් බලන එක හොද සිරිතක් නෙමේ.( ඔන්න දැන් අහන්න එපා එතකොට අර කවි ලියපු එකා ගේ ඩයිරිය බලන එක මොන සිරිතක් ද කියලා, එක සංකීර්ණයි.) තව දෙයක් සාපේක්ෂව ගැහැණු ළමයි ගේ ඩයිරී තමයි ලස්සනම පිලිවලම... එකනම් අත්දැකිමෙන් කිව්වේ :D. ඩයිරිය ගැන ඇති.
ඩයිරියක හැම මගුලම ලියන නිසා මමත් හිතුවා මගේ බ්ලොග් එකට "විශ්වගේ දින පොත " කියල නම් කරන්න ඊට පස්සේ නිකන් විහිලුවට වගේ දින පොත කියලා ගූගල්පාරක් දාලා බැලුවා... දිනපොත් බර ගණක් තියනවා හැබැයි ඉතින් විශ්වගේ දින පොත කියලා එකක් නම් හම්බ උනේ නෑ.


මම ගැන කියනවා නම් මම පුංචි ශ්‍රි ලංකාවේ, බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, වත්තල කොට්ටාශයේ ජීවත් වෙන තවත් එක කොල්ලෙක්. දැනට අවූරුද්දක ඉදන් බ්ලොග් කියවනයෙන්  ඉ-මේල් එකට එන බ්ලොග් පොස්ට් කියවන එක පුරුද්දක් උනා බ්ලොග් ලියන යාලුවන්ගේ යෙහෙළියන්ගේ හුගාක් බ්ලොග් කියෙව්වා. හැමදාම වගේ , ඊට පස්සේ ඉතින් බ්ලොග් එකක් ලියන්න අසාවක් ඇති උනා මේ වගේම තවා ඉදිරියටත් ලියන්න බලාපොරොත්තු වෙනවා. කියන්නත් සතුටුයි අද ඉදන් මමත් බ්ලොග් එකක හිමිකරුවෙකි. පොඩියට අදහසක් දාලා යන්න.................
Read More
 
;