Friday, June 8, 2012

෴දින පොතේ පළමු පිටුව.෴


බ්ලොග් ලියන කියවන යාලුවනේ, මේක තමයි මගේ පළමුවන පොස්ට් එක, ඔන්න මේක කියවන කස්ටිය බලනවා ඇති කව්ද බෝල මේ අලුත් එකා කියලා ඔන්න ඉතින් දිනපොත ගැනත් මම ගැනත් පොඩියට සදහනක් කරලා මගේ දින පොතේ පළමු පිටුව පටන් ගන්න හිතුනා.

ඔක්කොම දන්නවා ඇතිනේ දිනපොත කියන එක එකට සිංහලෙන් කියන්නේ ඩයිරිය (diary) කියලා. තව ඔක්කොම දන්නවනේ දිනපොතේ හම්බවෙන හැම මගුලම ලියනවා කියලා  ඩයිරියේ  ලියන දේට සීමාවක් නෑ මම දන්න එකෙක් ඉන්නවා එකා ඩයිරියේ ලියන්නේ කවි විතරයි. තව දෙයක් කෙනෙකගේ පෞද්ගලික ඩයිරියක් බලන එක හොද සිරිතක් නෙමේ.( ඔන්න දැන් අහන්න එපා එතකොට අර කවි ලියපු එකා ගේ ඩයිරිය බලන එක මොන සිරිතක් ද කියලා, එක සංකීර්ණයි.) තව දෙයක් සාපේක්ෂව ගැහැණු ළමයි ගේ ඩයිරී තමයි ලස්සනම පිලිවලම... එකනම් අත්දැකිමෙන් කිව්වේ :D. ඩයිරිය ගැන ඇති.
ඩයිරියක හැම මගුලම ලියන නිසා මමත් හිතුවා මගේ බ්ලොග් එකට "විශ්වගේ දින පොත " කියල නම් කරන්න ඊට පස්සේ නිකන් විහිලුවට වගේ දින පොත කියලා ගූගල්පාරක් දාලා බැලුවා... දිනපොත් බර ගණක් තියනවා හැබැයි ඉතින් විශ්වගේ දින පොත කියලා එකක් නම් හම්බ උනේ නෑ.


මම ගැන කියනවා නම් මම පුංචි ශ්‍රි ලංකාවේ, බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, වත්තල කොට්ටාශයේ ජීවත් වෙන තවත් එක කොල්ලෙක්. දැනට අවූරුද්දක ඉදන් බ්ලොග් කියවනයෙන්  ඉ-මේල් එකට එන බ්ලොග් පොස්ට් කියවන එක පුරුද්දක් උනා බ්ලොග් ලියන යාලුවන්ගේ යෙහෙළියන්ගේ හුගාක් බ්ලොග් කියෙව්වා. හැමදාම වගේ , ඊට පස්සේ ඉතින් බ්ලොග් එකක් ලියන්න අසාවක් ඇති උනා මේ වගේම තවා ඉදිරියටත් ලියන්න බලාපොරොත්තු වෙනවා. කියන්නත් සතුටුයි අද ඉදන් මමත් බ්ලොග් එකක හිමිකරුවෙකි. පොඩියට අදහසක් දාලා යන්න.................

4 comments:

  1. ඕං අපිත් ආවා එහෙනං ඈ....... :-)))))))))
    දිගටම ලියමු......

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  2. පස්වාන් දහසකට බුදුවන්න රජතුමෙනි comment එකට ස්තුතියි.

    ReplyDelete
  3. දින පොතේ අපිටත් ලියන්න ලෙසි වෙන්න වර්ඩ් වෙරි‍ෆිකේෂන් එකත් අයින් කලොත් හොඳා.මටත් සයුරි තමා කියල දුන්නෙ

    ReplyDelete
    Replies
    1. සිතුතියි..!
      වැඩේ හරි අයින් කළා..........

      Delete

 
;