Wednesday, July 18, 2012

෴ඉංග්‍රීසි කෙරුවාව෴

             මේ සිද්දිය වෙද්දී විශ්වයා තුන වසර පාස් කොලා විතරයි. එකියන්නේ හතර වසරේ වුන සිද්ධියක් මේකත් ඉතින් විභාග සම්බන්ධයෙන් තමා. මගේ බ්ලොග් එක කියවපු කස්ටිය දන්නවා නේ ඉතින් විශ්වයා කොරපු ඉංග්‍රීසියි, විභාගයි ගැනයි. ඔන්න ඒකාලේ ඒ කියන්නේ මම හතර වසරේ ඉන්නකොට තිබුනලු වාර අවසාන විභාගේ කියලා එකක්. දන්නවනේ ඉතින් හතර වසරේ කියන්නේ ඊලග අවුරුද්දේ ශිෂ්‍යත්වේනේ. පහ වසරට පාස් වෙන්න නං විෂයන් හැටහුටාමාරක් විතර තියනවා ඔකෙනුත් හැම දාම පුරුදු පරදී කෙල වෙන විෂයක් තිබුනා " මව් භාෂාව" (එකට සිංහලෙන් කියන්නේ ඉංග්‍රීසි කියලා) ඒ කාලේ ඉදන්ම මට එක  අරහං .


            ඔන්න එදා ඒ අවාසනාවන්ත දවස උදා උනා (විභාගේ දවස) ඒ අවාසනාවන්ත කම තවත් වැඩි කරමින් එදා තිබුනේත් ඉංග්‍රීසි...ඇඩෙනවා තනි ඇහැට... "විභාගේ ෆේල් උනත් මොකෝ ඉංග්‍රීසි ලියන්න ඕනේ මානසිකව වැටෙන්න හොද නැ" ඔහොම හිතලා ගිහින් ඉදගත්තා විභාගේ ලියන්න ඔන්න පේලියට බෙදාගෙන බෙදාගෙන යනවා. යන ගමන් මිස් මටත් එකක් දීගෙන ගියා.අනේ මට එපා කියන්න හිතුනත් කිව්වේ නැ. මුළු ඇගම  කිලිපොලා ගියා එක දැක්කම අසාවට එක වචනයක් නැ සිංහලෙන්(ඉතින් යකෝ ඉංග්‍රීසි පේපර් එකේ කොහෙද සිංහල වචන තියෙන්නේ..අනේ මේ විශ්වයාටත් හිතෙන ගොන් දේවල්) කොහොම හරි හිස්තැන් පුරවන ඒවාට යටින් ඉරි අදින ඒවා ටික සම්පුර්ණ කළා එත් විදේශාදාර ඇතුව.


           ඔන්න දැන් අවසාන පිටුව වගේම කතාවේ හොදම හරිය....පුරුදු පරදී අන්තිමටම තිබුනේ රචනාවක් ලියන්න වැඩේ තියෙන්නේ රචනාව ලියන එකේ නෙමෙයි ලියන්න තියන භාෂාවේ. ඔන්න දෙමළෙන් වගේ තිබුනා නම් ලියනවා(ඒ කලේ ඉංග්‍රීසි වලට වඩා මට දෙමළ පුළුවන් දැන් නම් එකේ අනිත් පැත්ත) ඒ කාලේ දන්නෙත් වචන දෙකයි තුනයි බැට්, කැට්, බූක්.....ඔයවගේ ඒවා තමයි. තව එකේ ඉදන් දහයට පුළුවන් ඒ බි සි ඩි පුළුවන් ඉංග්‍රීසි යෙන් නම ලියන්න පුළුවන්...  ඔය ටික ඉතන් රචනාවට ලියන්න පුළුවන් යැ

          කරන්න පුළුවන් හොදම දේ තමයි කියලා රචනාව නොලියා ඉන්න දැඩි තීරණයක් ගත්තා. ඔය ටික ඔහොම වෙනකොට අනිත් උනුත් ලියලා ඉවරවෙලා මිස්ට පේපර් එක දීලා යනවා මාත් ඉතින් නිකන් ඔක්කොම ලිව්වා වගේ ,ලකුණු 100%  මානසිකත්වය ඔලුවට අරගෙන ගියා මිස් ලගට

"මිස් මම පේපර් එක කරලා ඉවරයි" කියලා දුන්නා
කරපු නැති පිටුව අන්තිමට වැටෙන්න හරවලා දුන්නා.

"කෝ  බලන්න" කියලා අරගෙන පෙරලුවේ නැතැයි පිටු ටික ඔක්කොම.
මගේ ඇගේත් මයිල් කෙලින් උනා

"පුතා අන්තිම පිටුවේ තියන රචනාව ඔයා දැකලා නැද්ද කොහෙද ඔයා ලියලා නැනේ.මම දැන් දැක්ක හින්දා හොදයි නැත්තම් ලකුණුත් නැ .ඉක්මනට ලියාගෙන එන්න..!!"  
 ඔය වෙලාවේ..ඇයි යකෝ දන්නේ නැති හින්දනේ ලිව්වේ නැත්තේ ලකුණු දෙන්න බැරිනම් තියා ගන්න කියලා කියන්න හිතුනත් කිව්වේ නැ. බයට නෙමේ පව් හින්දා

මොනා කරන්නද අයෙ කරබාගෙන ගිහින් විදේශ අදාර ඇතුව ලියලා දුන්නා............

ඔන්න ඔහොමයි විශ්වයා ඒ කාලේ ඉංග්‍රීසි පේපර් ලිව්වේ............

     

13 comments:

  1. හී හී..

    බ්ලොගයේ අළුත් පෙනුම හොඳයි හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා..!! මේ ඉන්න එක්කෙනා මම වගේ නේද??
      ඔයාගේ බ්ලොග් එකෙත් අලුත් පෙනුම මරු.....:D

      Delete
  2. ඔය මොකද්ද බං අපේ එකෙක් සාපෙ ලිව්වනේ ජාත්‍යන්තර සම්බන්ධතා අරගෙන තව ටිකෙන් මෑන් මාට්ටු .බීන් කිව්ව හින්දා ඔන්න ෆලෝ පාරක් දැම්මා

    ReplyDelete
    Replies
    1. මතක විදිහට සාපෙ විතරද කොහෙද තනියම ලියපු එකම විභාගේ...
      කුලියට ගත්ත Mr.බීනා වැඩේ හොදට කරගෙන යනවා වගේ..!!

      තැන්කු අදහසට........

      Delete
  3. හි හි හී නියමයි මමනම් පුංචි කාලෙ ආසම විශය...දැන් තමයි පේන්නම බැරි ඉංග්‍රීසි මොනව කරන්නද ඔනිම භාශාවනෙ පුංචි කාලෙ දක්ෂතා ඕනිම වෙන කොට නෑ.

    කථාව ලියපු විදියනම් මරේ මරු...

    ReplyDelete
    Replies
    1. දැන් නම් ඉස්සරට වඩා අසාවක් තියනවා......
      ඔය වෙලාවට තමයි කියවෙන්නේ අයියෝ දක්ෂතා ....!!කියලා

      තැන්කු අදහසට........

      Delete
  4. හික්ස් මට තාම හිනා බං :D

    ReplyDelete
    Replies
    1. උබලට නම් හිනා මමනේ දන්නේ කාපු කට්ට.........

      Delete
  5. ඇඩෙනවා..තනි කනට....මේ ඒක නෙවේ ලකුනු කොහොමද????ඒ පෙපර් එකට???

    ReplyDelete
    Replies
    1. ඇඩෙනවා තමයි ඕවා මතක් උනාම....
      ලකුණු= 20<x<60, x යනු ඕනෑම තාත්වික සඛ්‍යාවකි.

      Delete
    2. අම්බෝ කැත වැඩ එපා බන් මට ගනන් ඇලජික්

      Delete
  6. හේ හේ...ඒ කාලේ නම් මාරු තමයි...පේපර් එකට 0 ට අඩුවෙනුත් ගන්නවා...100 ට වැඩියෙනුත් ගන්නවා...හැබැයි ඔක්කොම තීරණය වෙන්නේ විදේශ ආධාර මත තමා ඉතින්...ඔන් අදමයි මේ පැත්තෙත් ආවේ...!

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත........
      තැන්කු..මේ පැත්තට ආවාට..අයේ එන්න ඕනේ..

      Delete

 
;