Tuesday, July 3, 2012

෴තෑග්ග෴

මේක මට හම්බුන තෑග්ගක් ගැන සටහනක්. ඉතින් උපන්දිනයකට තෑග්ගක් හම්බවෙන එක සාමාන්‍ය දෙයක් නේ. ඔන්න විශ්වයටත් ඔය උපන්දිනයකට (ඔන්න මගේ උපන්දිනේ පහු උණා,මැයි මාසේ) හම්බුනා වැදගත් උත්තමයෙකුගෙන් පොඩි පහේ තෑග්ගක් එකේ වටිනාකම සතෙටම කිව්වොත් රු.500 දැන් බලයි කොහොමද කිව්වෙ කියල ඇයි බෝල ගිෆ්ට් වව්චර්වල ගහල තියෙනවනේ.... :D ඕක ODEL එකේ එකක්,(ගිෆ්ට් වව්චර් එකේ පොටෝ එකක් ගන්න බැරුව ගියා.)





 මට ඕක හම්බවුනාට පස්සේ මම ඕකෙන් මුකුත් ගන්න හිතුවේ නැ එත් හේතු දෙකක් මත ගන්න උනා.

  1. ඕක මම වෙන කෙනෙක්ට දෙන්න හිටියේ (තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා) එත් එක හරි ගියේ නැ 
  2. දවසක් ජාඇල CINIEMAX එකට යන්න සෙට් උනා ෆිල්ම් එකක් බලන්න reality plaza එකට ගියාම ODEL shop එකක් සෙට් උනා.(ෆිල්ම් එක ගැන කතාවක් පස්සේ කියන්නම්) 
ෂොප් එකේ කැරකෙනකොට බෑන්ඩ්(Wrist Band) වගයකට ඇහැ ගියා. තෝරලා තෝරලා හිත ගිය හොදම හයක්‌ ගත්තා එකක් 75 ගානේ 6ක්‌ 450 කරන්න දෙයක් නැ ඉතුරු 50 තනියට ගිය එකාට පිදුවා  

ඔන්න අද පොස්ට් එකට දාන්න පොටෝ දෙක තුනක් ගන්න හිතුවට කැමරාවක් නැ. එකට හේතුව මගේ පරණ පොස්ට් එකක තිබුනා දැන් තියන ෆෝන් එකෙන් පොටෝ ගහන්න බෑ(එකේ කැමරාවක් නැ)
කොහොම හරි පොටෝ ටිකක් ගත්තා 
ඔන්න ගිෆ්ට් වව්චර් ඒකෙන් ගත්ත දේවල් 
(ඔය adidas බෑන්ඩ් එක ගත්තේ නෑ එක විශේෂ කෙනෙක් ගෙන් හම්බුනේ)





(ඔය wallet එක ODEL ඒකෙන නෙමේ ගත්තේ)

(අමාරුවෙන් පියාණන්ගේ කැමරාවෙන් ගත්තා පොටෝ දෙක තුනක්)

මට ඉතින් පොටෝ අරන් නිකන් ඉන්න බැනේ ඉතින් පොටෝ සාප්පුවට දාලා ගත්ත ඒවා  


වැඩ්ඩා වගේ 6ක් ගත්තාට අතට දන්නේ 4යි වැඩිය දැම්මොත් විකාරයක් වෙනවා දැන් ඉතුරු 3ට මොකද කරන්නේ........???

ඔන්න විශ්වයාගේ තෑගි ගැනිල්ල ගැන ඔන්න ඔහොම ඉවර වෙනවා.....!!!


18 comments:

  1. ෂෝයි හ්ම්ම්..:)

    ReplyDelete
    Replies
    1. ෂෝයි හින්දනේ ගත්තේ :D...එකක් දෙන්නද??

      Delete
  2. ඔටාර නැන්දගෙ බලු නැලවිල්ලටනෙ ඔය සල්ලි යනව කියන්නෙ... නොදැම්මත් අවුලක් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට ඔටරා නැන්දා දෙනවද දන්නෑ...
      මොකද බල්ලන්ගෙන් අහලා බලන්නයැ......

      Delete
  3. මටත් තුනක් දියන්කෝ
    පට්ට බෑන්ඩ් ටික මචෝ..

    ReplyDelete
    Replies
    1. තැන්කු...තැන්කු..
      දෙන්නකෝ මොකද්ද ඕනේ....
      මම කිව්වා කියලා ඔටරා නැන්දාගෙන් සල්ලි දීලා ඉල්ලගනින් මචෝ....

      Delete
  4. පට්ට ඈ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කු....
      එසේම වේවා...!!(රජෙක් උනත් රාජ සම්පත් වලට අකමැතියැ)

      Delete
  5. මාත් වෙසක් මාසෙම තමා.හැබැයි ඕවා දාන්නෙ නෑ බන්

    ReplyDelete
    Replies
    1. එල එල...මේ පාර උපන්දිනේ වෙසක් දවසේමයි වැටුනේ....

      Delete
  6. මන් ගාව ලා නිල් පාටයි.දුඹුරුයි නෑ ඔය වැඩි ටික දියන්න්කෝ

    ReplyDelete
    Replies
    1. දෙන්නන්කෝ සහෝ......

      Delete
  7. මමනම් පෞද්ගලිකව ඔව්වා දාන අයට කැමති නැහැ. නිකන් විකාරයක් වගේ ගොඩාක් දාගෙන ඉන්නකොට. එකක් දෙකක් වගේනම් කමක් නෑ.
    අර පුනර්ජීව අත් පලදනාවක්නම් මං ලඟත් තිබිලා කෙනෙක් ඉල ගත්තා.
    ඔන්න මමත් ආවා මේ පැත්තට

    ReplyDelete
    Replies
    1. ඔය පින්තුරේ දාලා තිබුනට ඔක්කොම දන්නේ නැ වැඩිම 3යි...
      බොහොම ස්තුතියි !! මේ ආවට අයෙත් එන්න ඕනා.......

      Delete
  8. මචං , උබට ඇත්තටම ඕවා වැඩියි අතට...මටත් 4ක් 5ක් දීපන්කො...හී හී...මොනා වුනත් කොල්ලා කාමරේ නම් ලස්සනට අස් කරලා තියාගෙන ඉන්නවා...හේ හේ...

    ReplyDelete
    Replies
    1. දෙන්නම්කො,මම කිව්වා කියලා ඔඩෙල් එකෙන් සල්ලි දීලා ඉල්ලගනින් මචෝ....අහා කාමරේ ගැන මොන කතාද??

      Delete

 
;