Saturday, June 16, 2012

෴විශ්වයාගේ දුරකථන වංශකතාව෴



ඔන්න ඉස්සල්ලාම කිව්වා මේ කියන්නේ මගේ ෆෝන් ගැන වංශකතාව. සමහර කොල්ලෝ ෆෝන්(අර සිංහලෙන් phone කියන්නේ) එකට කියන්නේ වයිෆ් කියලා එහෙම බැලුවොතින් මට වයිෆ් ලා තුන් හතර දෙනෙකුට වඩා ඉදලා තියනවා සමහර වයිෆ්ලව මාරු කළා, සමහර අය වික්කා, සමගර අය මැරුණා,... ඔහොම කියාගෙන යනකොට නිකන් කැතයි වගේ එක හින්දා ෆෝන් කියලම කියමු.

මට මගේම කියලා ෆෝන් එකක් හම්බ වෙනකොට මම ඇති දහය වසරේ විතර එකත් අපේ ගෙදර ලොකු උත්තමයා පාවිච්චි කරලා දුන්නේ චයිනිස් ෆෝන් එකක් මෙන්න තියනවා
Alfatel H2






මේක ඇත්තම පින්තුරයක් නෙමේ ජංජාලේන් උස්සපු එකක්. මේකේ විශේෂත්වය උනේ කන පැලෙන්න සද්දේ දාන්න පුළුවන් හැබැයි mono කොලිටියක් ඇත්තෙම නෑ තව පොටෝ එකක් ගන්නවට වඩා හොදයි නිකන් ඉනවා. හැබැයි SIM දෙකක් දාන්න පුළුවන් .ටික කාලයකට පසු එක එපා විය.




ඊට පස්සේ හම්බුන එක ටිකක් හැමකෙනාම දන්න කියන භාණ්ඩයක් අහා.. ඔය උඩ තියන ෆෝන් එක මාරු කලේ මේකට(කාත් එක්කද කියලා අහන්න එපා) මගේ ඊලග ෆෝන් එක තමයි

NOKIA N70



මේ පින්තුරෙත් gsmarena ඒකෙන ඉස්සුවේ. දන්නවනේ ඉතින් nokia කියපුවම. මේක නියම ෆෝන් එක තාමත් පරණ අදුරන උන් හම්බුනාම අහන්නෙම" කෝ බබං අර උබ ගාව තිබුන N70 කියලා" මේකේ මම හුගක් ආස මේකේ කැමරා එකටයි මියුසික් ප්ලේයර් එකටයි. ඊට පස්සේ ලස්සන ෆෝන් එකකට ඇහැ ගැටුනා එකට පිස්සු වැටුනා එක ගන්න N70 වික්කා තව සල්ලි ටිකක් මදි උනා එක හොයාගන්නකම් ගෙදර තිබුන පරණ ෆෝන් එකට අයෙ බැස්සා. මේක මම ක්ලාස් යනකොට හංගගෙන ගියේ ලැජ්ජාවට එක තමයි

NOKIA 1600



මේකත් gsmarena එකෙන් ඉස්සුවේ මේකත් නියම භාණ්ඩේ. දැක්කහම තේරෙනවනේ මේකෙන් කරන්න පුළුවන් මොනාද කියලා. මේකත් මාසයක් විතර පාවිච්චි කළා. ඔන්න සල්ලි ටික එකතුකරගෙන ගත්තා පට්ට භාණ්ඩේ මේකට මම වහ වැටිලා හිටියේ මේක තමයි ඒ කලේ තිබුන හොදම එක

NOKIA 5800 XpressMusic











ආසාව වැඩි කමට පින්තුර දෙකක්ම දැම්මා ( gsmarena එකෙන් ඉස්සුවේ) මේක ගත්ත දවසේ ඉදන් කලේ මේකට app පුරවපු එක මේක Music Edition එකක් හින්දා පට්ට සවුන්ඩ් stereo speakers තිබුනේ අයෙ මේ ෆෝන් එක එකක්ක තව එකක් මාරු කළා පොඩ්ඩක් බර බ්‍රෑන්ඩ් එකක්



HTC touch pro2














මේකේ තිබුන O/S එක මට දිරෙව්වෙ නෑ Microsoft Windows Mobile 6.1 තිබුනේ Microsoft එකෙන් නවත්තලා තියෙන්නේ මේකට සපෝට් නෑ


ඕක එපා වෙලා ඉන්නකොට තමයි මට පසිද්ධ ලෙඩකට ගොදුරු උනේ


බය වෙන්න එපා එක "Android ගාය" (වාහන පිස්සුවට රථ ගාය කියනවනම් අපි කිව්වම මොකෝ)


එතකොට හිතුන දෙයක් තමයි දැන් පවිච්චිකරපුවා ගත්තා ඇති ගන්න ඕනා අලුත්ම, අලුත්ම, අලුත් එකක් කියලා .ඔය උඩ තියන එකත් විකුනලා මහන්සි වෙලා සල්ලි ටිකක් හොයා ගත්තා(මහන්සි උනා කිව්වේ අම්මාගෙනුයි තාත්තාගෙනුයි කඩාගන්න) හොයලා හොයාල තෝරාගත්තා ඇන්ඩ්රොයිඩ් එකක්








Sony Ericsson Xperia X8




මේක සුදු උනාට මගේ ලග තිබුනේ කළු එකක් මම මේ ෆෝන් එකට කරපු නැති දෙයක් නෑ


සුපිරිම ෆෝන් එකක් තමයි


(දැන් Sony Xperia වල මාර ෆෝන් සෙට් ටිකක් තියනවා අසාවෙ බෑ )


මගේ X8 එක


Root කළා


ROM මාරු කළා


Flash කළා


අන්තිමට Bootloder එක මාරු කරන්න ගිහින් වැඩේ කෙල උනා ෆෝන් එක මැරුණා.


(මැරෙන්න කලින්)




































අන්තිමට හිතේ තිබුන දුක තුනී කරගන්නත් එක්ක මේ ලගදි ගත්තා අලුත්ම ෆෝන් එකක් අයෙ NOKIA එකක් හැම කෙනාම දන්නා එකක්


NOKIA 1280



Msg කොටන්න කියපු භාණ්ඩේ චයිනිස් වගේ නෙමෙයි හදිස්සියකට අඹ ගෙඩියක් හරි කඩාගන්න පුළුවන්.බල්ලෙක්ට පුසෙක්ට බය නැතුව ගහන්න පුළුවන්....etc

ඒවගේම Flashlight එකක් තියනවා Radio තියනවා. stopwatch තියනවා වැඩ ගොඩයි. ඇයි සිංහලත් තියනවා මම කැමතිම එක තමයි චාජ් කරන්න ඕනේ දවස් පහකට හතරකට සැරයක් තමයි

මම මේක ගෙනියන්න ලජ්ජා නෑ ඇයි ඔක්කොමලා ලග මේවා තියනවා නේ .... :D

12 comments:

  1. Sony Ericsson Xperia X8 තමා මං ලගත් තියෙන්නේ..
    මට නං පට්ට ඒක... (වෙන ඒවා ගන්න සල්ලි නැති හින්දා)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. එල එල
      එත් මගේ x8 එක මලා...... :'(

      Delete
  2. ඇත්තටම මටත් කාලයක් සෑහෙන ෆෝන් පිස්සුවක් තිබුන..:)

    ReplyDelete
    Replies
    1. මට නම් තාම තියනවා....
      රෝග ලක්ෂණ එන්න එන්න වැඩි වෙනවා... :D

      Delete
  3. මට නම් දැන් සනීපයි.ඒ නිසා අවුරුද්දක විතර ඉඳන් එකම තමා.ඔය කොම්පැණි ටික ඔය හැටි දියුණු කලේ අපි තමා.

    ReplyDelete
  4. සනීපකරගත්තු හැටි කියහන්කෝ අපිටත් හංගන්නේ නැතුව..........

    ReplyDelete
  5. මාත් හොඳ ෆෝන් එකක් ගන්න ඕන අෆ්ෆා ඒත් සල්ලි නැහැ :(

    ReplyDelete
    Replies
    1. සල්ලිත් නෑ සනීපත් නෑ....
      අයියෝ සල්ලි.. දුක තමයි

      Delete
  6. ඔයා නියපොතුත් වවලනේ...........

    ReplyDelete
    Replies
    1. අපෝ දැන් තියනවා ඊට වැඩිය........ඇයි නියපොත්තක් වැව්වා කියලා මැරෙනවද ??

      Delete

 
;