මට තිබුනේ පන්තියේ අනිත් ළමයිවත් එකතු කරගෙන එක විශේෂාංගයක් ඉදිරිපත් කරන එක හැම කොල්ලෙක්ම මේ වගේ වෙලාවට දාන තියරිය මාත් දැම්මා... :D "තාමගේ ඇග බේරා ගැනීම".අන්තිමට අවසාන තීරණය උනේ ඉංග්‍රීසි නාට්‍යක් ඉදිරිපත් කරන්න.එකත් ලේසියට පුංචි මොලේ වෙහෙසලා අපේ ඉංග්‍රීසි පෙළ පොතේම තිබුන දෙබසක් අරගෙන පොඩ්ඩක් Edit කරලා ගත්තා. අර සර්ට නොට් සෙට් ඒකෙන් කොල්ලෝ දෙන්නෙක්ව කොහොම හරි රගපාන වැඩේට කැමති කරව ගත්තා. කෙල්ලෝ රගපාන වැඩේට කොහොමත් නෑ.තෝරගත්ත දෙබස තමයි "මහින්දා ගමනය"(අර තිස්ස රජු, මුවාට විදින්න යනකොට තිස්ස තිස්ස කියන සින් එක) තව තුන්දෙනෙක්ව ගත්තේ ඉංග්‍රීසියෙන් මොකුත් කියන්න දෙන්නේ නෑ කියල වැදලා වැදලා මුවාටයි හමුදුරුවන් දෙන්නේකුටයි කොල්ලෝ තුන්දෙනෙක් සෙට් කර ගත්තා.ඔය ඔක්කොටම දවස් දෙකක් ගියා හෙට තමයි ඉන්ග්ලිෂ් ඩේ එක ඔන්න මම කිව්වා අද ගෙදර ගිහින් මැරීගෙන හරි ඕක හෙට පාඩම් කරගෙන වරෙන් කියලා එදා දවසම මම ෆුල් අතල් එකේ ඉදලා අනිත් දවසේ ඉස්කෝලේ යනකොට අඹ ගහේ ජම්බු කිව්වලු. මාර සීන් එක අරුන්ට පාඩම් කරන්න ඕන කොල මම ගෙදර ගෙනිහින් ගෙදරම දාලා ඇවිත් මල කෙලියයි. හොද වෙලාවට එක කෙල්ලෙක් ලග අපි Edit කරලා හදා ගත්ත දෙබසේ කොලේ තිබුනා.(මුල් පිටපත.. :D) දැන් මුන්ට පාඩම කරන්න වෙලාවක් නෑ නේ ඉතින් "උබලා ඕක අතේ ලියාගෙන ෂේප් එකේ ඕක බල බල කියපන්" කියලා මම කියලා අර කොලේ දුන්නා දීලා මම ඇවිත් හෝල් එකෙක් ඉදගෙන හිටියා ඔන්න කඩුව වනලා වනලා ඕක පටන් ගත්තා" ඔන්න මීලගට හත ශ්‍රේණියේ විශේෂාංගය" කියලා ඉංග්‍රීසියෙන් කිව්වා මගෙත් හාට් එකේ ඩික් ඩික් එක වැඩි උනා එකෙක් රජ වගේ ඇදගෙන අනිත් උන් තුනදෙනා තැබිලිපාට රෙදි කෑල්ලක් දාගෙන ඉතුරු එකා මුවා වගේ...
සිද්ධිය ලියාගෙන එද්දී දිග වැඩි උනාද මන්දා.....කොහොම උනත් මෙහෙම නාට්ටි කෙරුවාවක් කාටවත් අත් නොවේවායි ප්‍රර්ථනා කරනවා ..!!
:P
ReplyDeleteකොහොමද මුවා කිව්ව නම් අපි ඔබට අනුකම්පාවෙන් දඹදිව සිට ආවා කියලා.
ReplyDeleteඅපෝ මුවාට රගපාපු එකා එක වචනයක් වත් පිට කලේ නෑ..
Deleteඕක මුවාට කියන්න හිතෙන්න ඇති එත් කියනවා නම් කඩ්ඩෙන් කියන්න ඕනා...
හෙහේ... අර ඉංග්‍රිසි නිවුස් බලනවා වගේ කට්ටිය පෙනුමට බලන් හිටියද දන් නැ ..තේරුනේ නැත්තේ...
ReplyDeleteඔව් ඔව් ඇත්තම කියනවා නම් අපි කරපු එක ඇරෙන්න අනිත් උන් කරපු ඒවාත් මට ඒ කලේ වැඩිය තේරුනේ නෑ....දැන් වගේ නෙමෙයි නේ ඒ කලේ.........
Deleteහෆ්ෆේ මුවා වුණු කෙනාට නම් හොදයි...මොකෝ ඉතින් පණ එපා කියාගෙන දුවනවා ඇරෙන්න කියන්ඩ දෙබස් නෑ නොවැ..හී හී...කොහොම හරි නාට්ටිය ගොඩ දාගත්තනේ, එළ හොදේ....
ReplyDeleteකස්ටියගෙන් වැඩිම ඉල්ලුම තතිබුනෙත් ඔකට තමා
Delete