Monday, August 6, 2012

෴ඉරිදාවක අවසානය෴

                  අවසානය කිව්වට කියන්න යන්නේ මාගේ ඉරිදා දවස ගෙවිලා ගිය හැටි. ඔන්න අකමැත්තෙන් උණත් පහුවෙනිදා රැ නිදාගන්න ඉස්සල්ලා පාන්දර හතරට එලාම් එක තියාගත්ත හින්දා හරියටම හතර වෙද්දී එලාම් එක අඩන්න ගත්තා එලාම් එක ඔෆ් කොරලා ආයේ විනාඩි පහක් නිදාගන්නවා පහට නේ පංති යන්න ඕනා කියලා නිදා ගත්තා (පංතිය පටන් ගන්නේ පහට නෙමේ ගෙදරින් පිටවන සුබ මොහොත තමා පහ) ....මලකෙළියයි විනාඩි විස්සක්ම නිදාගෙන එකපාරටම පොඩි කික් එකක් ඇවිල්ල දත කට මැදලා මුණ හෝදන්න දුවන්න ගියා විතරයි දඩබඩාන් ගලා බිම ඇදගෙන වැටුණා..(හැමදාම රැට හොදට බෙඩ් සිට් එක පොරවාගෙන නිදා ගත්තට පාන්දර වෙද්දී මොකෙක් හරි ඇවිල්ලාකකුල් දෙකේ ඔතලා යනවද කොහද...) තම හිසට තම අතමය සෙවනැල්ල කියලා කොහොම හරි නැගිටලා දත කට මැදලා මව්තුමිය හදලාතිබුණ කිරි කෝප්පයට වග කියා..සින් ගලා ගියේ බස් ස්ටෑන්ඩ් ඒකට.



                                 දැන් ඉතින් බස් වන්දනාව තමා හුගක් වෙලාවට බස් ස්ටෑන්ඩ් එකෙන් බස් ඒකට නගින හින්දා බස් එකේ වැඩිය කට්ටිය නැ තුනක් හතරක් විතරඉන්නේ සමහර දවස් වලට කව්රුත්ම නැ..මම බස් එකේ ඉදගන්න කැමතිම තැන් දෙකක් තියනවා එත් ඉතින් ඔය තැන්දෙකෙන් හැමදාම එකතැනක විතරයි ඉදගන්න පුළුවන් වෙන්නේ. අන්තින්ම සිට් එකේ දකුණු පැත්තේ මුල්ල එතන ඉඩගත්තහම බස් එකට නගින අය බහින අය වගේම මුළු බස් එකම පේනවා හැමදාම ඉනගන්න බැරි වෙන තැනෙ ඉදගන්න බැරි වෙන්නේ හැමදාම බස්එකේ ඩයිවර් ඇවිත් එතන ඉඩගන්නවා නේ...:D ඊට පස්සේ ඉතින් විනාඩි 45ක විතර ගමනක් තියෙන්නේ මොනා කරන්නද හොද නින්දක් දාගෙන යනවා ඒ වගේම එදා දවසේ කට්ටියගේ දවසේ ටොපික් එක උනේ ඔලිම්පික් මීටර් 100 ගැන අන්තිම සිට් එකට වෙලා ටොපික් එක ගැන වල්පල් කියව කියව යනවා. පංතිය ළගම තමා බස් එක නවත්තනේ බස් එකෙන් බැස්ස ගමන් මොනා හරි බඩට දාගන්නවා මොකද ඉන්ටවල් එකට කන්න වෙන්නේ නැ එවෙලාවට කරන්නවෙන වැඩක් තියනවා....

                              එදා ඉතින් සතියේ පළවෙනි ඉරිදා හින්දා කිලෝමීටරයක් විතර දිග පෝලිමක ඉන්න ඕනා කාඩ් එක ගන්න ඊටපස්සේ තව කිලෝමීටරයක්විතර දිග පෝලිමක ඉදලා තමයි පන්තියට යන්නේ. පන්තියට ගිහින් ආරක්‍ෂිත කලාපයක(ඒ කිව්වේ මැදට වෙන්න කියලා එතකොට සර් ගේ ප්‍රශ්න වැඩිය යොමු වෙන්නේ නැ) මුල්ලක් අල්ලලා ඉදගෙන ඉස්සල්ලාම කරන්නේ.කාඩ් එක පස්ඒකට දාගන්න එක.(නැත්තම් ඉතින් ඉවරයි ඕක හොයන්ඩයැ ආයේ) ඊට පස්සේ ළග ඉන්න එකාව දැනුවත් කරනවා සර් අවොත් මව දැනුවත් කරපිය කියලා ඩේස් එක බදාගෙන දානවා ආයේ නින්දක්(සර් පන්තියට එන්න විනාඩි 20ක් විතර යනවා) මෙහෙම කෙරුවහම උගන්නන වෙලාවට වැඩිය නින්ද යන්නේ නැ. දැන් නිදාගෙන ඉන්නකොට හීනෙන වගේ ටෝක්...ටික්..සු...වගේ සද්දයක්ඇහෙනවා නැගිටලා බැලින්නම් සර් ඇවිත් මයික් එක ටෙස්ට් කොරනවා...මරු එකාට මාව දැනුවත් කරන්න භාර දුන්නේ බලනකොට උත් නිදි....පුරුදු පරදී සර්ඇවිත් පාඩම පටන් ගන්නවා ඉන්ටවල් එක වෙනකන් පාඩම ගලාගෙන යනවා...... ඉන්ටවල් එකේදී කරන වැදගත්ම වැඩේ තමයි ආයේ ඩේස් එක අල්ලාගෙන දොයිය ගන්නවා.... :D


              ඉන්ටවල් එක ඉවර උණාම ඉතින් තියෙන්නේ ගෙදර යන සිහිය තමා..ඔය වෙලාවට මහා අරුම පුදුම දෙයක් වෙනවානේ ඒ තමයි කොච්චර වෙලාව බැලුවත් වෙලාව යන්නේ නැති එක.ඕක ගැන අපේ සෙට් එක කොච්චර සාකච්ඡා කරන්න ඇත්ද එත් කාටවත් ඕක විද්‍යාත්මකව පහදන්න බැරුව ගියා....


 ඔය ටිකත් ඔහොම ඉදලා ක්ලාස් එක ඉවර උණ ගමන් ආයේ බස් වන්දනාව එතකොට නම් අර උදෙන් ම එන නිදහස් බව නැ දැන් වෙනම තියරියක් ස්ටෑන්ඩ් එකේ ඉදන්ම සැමන් ටින් තියරිය තමා. බස් එක යනවට වැඩිය නවත්තගෙන ඉන්නවා.ඒ අස්සෙන් කන පැලෙන්නේ සද්දේට සින්දු දාලා සින්දුවේ යන මෙලෝ දෙයක් ඇහෙන්නේ නැ ඇහෙන්නේ බිස්කට් කුඩු.. බිස්කට් කුඩුවගේ සද්දයක් විතරයි.. මොනා කොරන්නද අපිටම කියලා වාහන තියන වයේ සැප පහසුවේ යන්න ඔහොම හිතලා හැම ඉරිදාම සුපුරුදුපරදී ඔය කට්ට කනවා.............


ඔන්න ඔහොම ඉරිදාවක අවසානය සටහන් වෙනවා....ඒ වගේම හතුරෙකුටවත් මෙවන් ඉරිදාවක් අත් නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා....!!!
   
Read More
 
;