Saturday, June 16, 2012

෴විශ්වයාගේ දුරකථන වංශකතාව෴

ඔන්න ඉස්සල්ලාම කිව්වා මේ කියන්නේ මගේ ෆෝන් ගැන වංශකතාව. සමහර කොල්ලෝ ෆෝන්(අර සිංහලෙන් phone කියන්නේ) එකට කියන්නේ වයිෆ් කියලා එහෙම බැලුවොතින් මට වයිෆ් ලා තුන් හතර දෙනෙකුට වඩා ඉදලා තියනවා සමහර වයිෆ්ලව මාරු කළා, සමහර අය වික්කා, සමගර අය මැරුණා,... ඔහොම කියාගෙන යනකොට නිකන් කැතයි වගේ එක හින්දා ෆෝන් කියලම කියමු. මට මගේම කියලා ෆෝන් එකක් හම්බ වෙනකොට මම ඇති දහය වසරේ විතර එකත් අපේ ගෙදර ලොකු උත්තමයා පාවිච්චි කරලා දුන්නේ චයිනිස් ෆෝන් එකක් මෙන්න තියනවා Alfatel H2 මේක ඇත්තම පින්තුරයක් නෙමේ ජංජාලේන් උස්සපු එකක්. මේකේ විශේෂත්වය උනේ කන පැලෙන්න සද්දේ...
Read More

Wednesday, June 13, 2012

෴නාට්ටි කෙරුවාව෴

    මේ ලගදි දැකපු සීන් එකක් නිසා මට උන රස කතාවක් මතක් උනා.මේක වෙනකොට විශ්වයා යන්තම් හත වසර විතර ඇති. ඒකාලේ මම හිටපු පන්තියේ මම(මගේ වැරැද්ද ද සර්ගේ වැරැද්ද ද දන්නේ නෑ) ඇතුළු කොල්ලෝ තුන් දෙනයි කෙල්ලෝ දෙන්නේකුටයි වගේ ඉංගිරිසි වචන දෙකක් තුනක් අමුණ ගන්න පුළුවන් විත්තිය අපේ පන්තියට ඉංග්‍රීසි උගන්වපු සර්ට නොට් වෙලා තිබ්බා(ඒ කලේ අපේ පන්තියේ කාටවත් වැඩිය කඩ්ඩ බැ ඔය සෙට් එකට පන්තියේ අනිත් උන්ට සාපේක්ෂව පොඩ්ඩක් පුළුවන්). ඔන්න ඒ දවස වලම අපේ ඉස්කෝලේ ලොකු සර්ටත් ඕන වෙලා තිබුනා  මේ වසරේ ඉස්කෝලේ ඉන්ග්ලිෂ් ඩේ(English Day)එකක් හැම පන්තියකින්ම...
Read More

Sunday, June 10, 2012

෴මැරෙනකන් උඩපැනීම෴

මමත් ඉතින් ඉදලා හිටලා විහිලුවට වගේ ට TV එකේ යන නාට්ටියක්(නාට්ටි කිව්ව්වේ නාට්‍යය කියන වචනය කෙටි කරලලු) එහෙම බලන කොල්ලෙක් තමයි. ඔහොම බලනකොට දැක්ක සිද්ධියකින් පොඩි කතාවක් මටක් උනා. සිද්ධිය ඉතින් කස්ටිය දකින්න ඇති එත් කියන්නම්. කැම්පස් එකට අලුතෙන් අපු සෙට් එකක් රැග්‍(Rag) කරන සීන් එකක්. කස්ටියට බයිසිකල් රේස් එකක් වගේ රගපාන්න කියන්නේ.       කියන්න අපු එකත් අමතක වෙනවා.මට මතක් උන කතාව..... මේක කිව්වේ ගම්පහ ඉන්න ප්‍රසිද්ධ සර් කෙනෙක්(සැ.යු. සර් ගේ අදහස තිබුනට මගේ අතින් දාපු ඒවත් ඇත)  .   මේකයි ස්ටොරිය A/L කරන කට්ටිය ප්‍රධාන...
Read More

Friday, June 8, 2012

෴දින පොතේ පළමු පිටුව.෴

බ්ලොග් ලියන කියවන යාලුවනේ, මේක තමයි මගේ පළමුවන පොස්ට් එක, ඔන්න මේක කියවන කස්ටිය බලනවා ඇති කව්ද බෝල මේ අලුත් එකා කියලා ඔන්න ඉතින් දිනපොත ගැනත් මම ගැනත් පොඩියට සදහනක් කරලා මගේ දින පොතේ පළමු පිටුව පටන් ගන්න හිතුනා. ඔක්කොම දන්නවා ඇතිනේ දිනපොත කියන එක එකට සිංහලෙන් කියන්නේ ඩයිරිය (diary) කියලා. තව ඔක්කොම දන්නවනේ දිනපොතේ හම්බවෙන හැම මගුලම ලියනවා කියලා  ඩයිරියේ  ලියන දේට සීමාවක් නෑ මම දන්න එකෙක් ඉන්නවා එකා ඩයිරියේ ලියන්නේ කවි විතරයි. තව දෙයක් කෙනෙකගේ පෞද්ගලික ඩයිරියක් බලන එක හොද සිරිතක් නෙමේ.( ඔන්න දැන් අහන්න එපා එතකොට අර කවි...
Read More
 
;