Monday, August 6, 2012

෴ඉරිදාවක අවසානය෴

                  අවසානය කිව්වට කියන්න යන්නේ මාගේ ඉරිදා දවස ගෙවිලා ගිය හැටි. ඔන්න අකමැත්තෙන් උණත් පහුවෙනිදා රැ නිදාගන්න ඉස්සල්ලා පාන්දර හතරට එලාම් එක තියාගත්ත හින්දා හරියටම හතර වෙද්දී එලාම් එක අඩන්න ගත්තා එලාම් එක ඔෆ් කොරලා ආයේ විනාඩි පහක් නිදාගන්නවා පහට නේ පංති යන්න ඕනා කියලා නිදා ගත්තා (පංතිය පටන් ගන්නේ පහට නෙමේ ගෙදරින් පිටවන සුබ මොහොත තමා පහ) ....මලකෙළියයි විනාඩි විස්සක්ම නිදාගෙන එකපාරටම පොඩි කික් එකක් ඇවිල්ල දත කට මැදලා මුණ හෝදන්න දුවන්න ගියා විතරයි දඩබඩාන් ගලා බිම ඇදගෙන වැටුණා..(හැමදාම...
Read More

Wednesday, July 18, 2012

෴ඉංග්‍රීසි කෙරුවාව෴

             මේ සිද්දිය වෙද්දී විශ්වයා තුන වසර පාස් කොලා විතරයි. එකියන්නේ හතර වසරේ වුන සිද්ධියක් මේකත් ඉතින් විභාග සම්බන්ධයෙන් තමා. මගේ බ්ලොග් එක කියවපු කස්ටිය දන්නවා නේ ඉතින් විශ්වයා කොරපු ඉංග්‍රීසියි, විභාගයි ගැනයි. ඔන්න ඒකාලේ ඒ කියන්නේ මම හතර වසරේ ඉන්නකොට තිබුනලු වාර අවසාන විභාගේ කියලා එකක්. දන්නවනේ ඉතින් හතර වසරේ කියන්නේ ඊලග අවුරුද්දේ ශිෂ්‍යත්වේනේ. පහ වසරට පාස් වෙන්න නං විෂයන් හැටහුටාමාරක් විතර තියනවා ඔකෙනුත් හැම දාම පුරුදු පරදී කෙල වෙන විෂයක් තිබුනා " මව් භාෂාව" (එකට සිංහලෙන් කියන්නේ ඉංග්‍රීසි කියලා)...
Read More

Tuesday, July 10, 2012

෴කොපි කිරිල්ල෴

       අද කියන්න යන කතාවට සම්බන්ද දෙයට නම් වැඩි දෙනෙක් කැමති නැ..හුගක් දෙනෙක් දෙයියන්ගෙන් ඉල්ලන්නේ මේවා නැති රටක ඉපදේවා....!! කියලා. දන්නවනේ ඉතින් අර විභාග කියන්නේ...තේරුනේ නැද්ද..??හරි සිංහලෙන්ම කියන්නම් අර Exam කියන්නේ....මේක ඉතින් විභාග කතාවක්...         මේක හරියටම උනේ විශ්වයා දහය වසරේ දෙවැනි වාර විභාගේ ඉතිහාසය පේපර්  එක ලියද්දි. වැස්සකට හරි ඉස්ස්කොලේ ගිය අය දන්නවනේ ඉතින් ඉතිහාසය කිව්වම නැතුවම බැරි විෂයක් වගේම බර පාඩම් කිරිල්ලක් තියෙන්නේ කියලා. ඔය පාඩම් කිරීම මම ඇතුළු අපේ පන්තියේ...
Read More

Monday, July 9, 2012

෴සුපිරි හය෴

මතක නම් මම කිව්වා ෆිල්ම් එක ගැන කතාවක් පස්සේ කියන්නම් කියලා..ඔන්න අද ඒ කතාව කියන්නම් කට්ටිය බලයි මොකද්ද යකෝ  සුපිරි හයයි ෆිල්ම් එකයි අතරේ සම්බන්දය කියලා....: D මේ දැන් ඔය යන ශ්‍රී ලංකා ටෙස්ට් මැච් එක ගැන නෙමෙයි. සුද්ද සිංහලෙන්ම කිව්වොත් Super Six ඕක දන්නේ නැති එකෙක් ලංකාවේ ඉන්න බෑ මට ඔය එක එක ලෙඩ තියනවා එකක් තමයි ඔය  ෆිල්ම් උන එක හොද කරගන්න තාමත් උත්සහ කරනවා ඔය උන, සිංහල  ෆිල්ම් වලට නම් එච්චර නැ ඉංග්‍රීසි  ෆිල්ම් වලටනම් බරටම තියනවා. ඔය කියන සිංහල ෆිල්ම් එක ඒ කියන්නේ සුපර් සික්ස්  ෆිල්ම් එක...
Read More

Tuesday, July 3, 2012

෴තෑග්ග෴

මේක මට හම්බුන තෑග්ගක් ගැන සටහනක්. ඉතින් උපන්දිනයකට තෑග්ගක් හම්බවෙන එක සාමාන්‍ය දෙයක් නේ. ඔන්න විශ්වයටත් ඔය උපන්දිනයකට (ඔන්න මගේ උපන්දිනේ පහු උණා,මැයි මාසේ) හම්බුනා වැදගත් උත්තමයෙකුගෙන් පොඩි පහේ තෑග්ගක් එකේ වටිනාකම සතෙටම කිව්වොත් රු.500 දැන් බලයි කොහොමද කිව්වෙ කියල ඇයි බෝල ගිෆ්ට් වව්චර්වල ගහල තියෙනවනේ.... :D ඕක ODEL එකේ එකක්,(ගිෆ්ට් වව්චර් එකේ පොටෝ එකක් ගන්න බැරුව ගියා.)  මට ඕක හම්බවුනාට පස්සේ මම ඕකෙන් මුකුත් ගන්න හිතුවේ නැ එත් හේතු දෙකක් මත ගන්න උනා. ඕක මම වෙන කෙනෙක්ට දෙන්න හිටියේ (තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා) එත් එක...
Read More

Saturday, June 16, 2012

෴විශ්වයාගේ දුරකථන වංශකතාව෴

ඔන්න ඉස්සල්ලාම කිව්වා මේ කියන්නේ මගේ ෆෝන් ගැන වංශකතාව. සමහර කොල්ලෝ ෆෝන්(අර සිංහලෙන් phone කියන්නේ) එකට කියන්නේ වයිෆ් කියලා එහෙම බැලුවොතින් මට වයිෆ් ලා තුන් හතර දෙනෙකුට වඩා ඉදලා තියනවා සමහර වයිෆ්ලව මාරු කළා, සමහර අය වික්කා, සමගර අය මැරුණා,... ඔහොම කියාගෙන යනකොට නිකන් කැතයි වගේ එක හින්දා ෆෝන් කියලම කියමු. මට මගේම කියලා ෆෝන් එකක් හම්බ වෙනකොට මම ඇති දහය වසරේ විතර එකත් අපේ ගෙදර ලොකු උත්තමයා පාවිච්චි කරලා දුන්නේ චයිනිස් ෆෝන් එකක් මෙන්න තියනවා Alfatel H2 මේක ඇත්තම පින්තුරයක් නෙමේ ජංජාලේන් උස්සපු එකක්. මේකේ විශේෂත්වය උනේ කන පැලෙන්න සද්දේ...
Read More

Wednesday, June 13, 2012

෴නාට්ටි කෙරුවාව෴

    මේ ලගදි දැකපු සීන් එකක් නිසා මට උන රස කතාවක් මතක් උනා.මේක වෙනකොට විශ්වයා යන්තම් හත වසර විතර ඇති. ඒකාලේ මම හිටපු පන්තියේ මම(මගේ වැරැද්ද ද සර්ගේ වැරැද්ද ද දන්නේ නෑ) ඇතුළු කොල්ලෝ තුන් දෙනයි කෙල්ලෝ දෙන්නේකුටයි වගේ ඉංගිරිසි වචන දෙකක් තුනක් අමුණ ගන්න පුළුවන් විත්තිය අපේ පන්තියට ඉංග්‍රීසි උගන්වපු සර්ට නොට් වෙලා තිබ්බා(ඒ කලේ අපේ පන්තියේ කාටවත් වැඩිය කඩ්ඩ බැ ඔය සෙට් එකට පන්තියේ අනිත් උන්ට සාපේක්ෂව පොඩ්ඩක් පුළුවන්). ඔන්න ඒ දවස වලම අපේ ඉස්කෝලේ ලොකු සර්ටත් ඕන වෙලා තිබුනා  මේ වසරේ ඉස්කෝලේ ඉන්ග්ලිෂ් ඩේ(English Day)එකක් හැම පන්තියකින්ම...
Read More

Sunday, June 10, 2012

෴මැරෙනකන් උඩපැනීම෴

මමත් ඉතින් ඉදලා හිටලා විහිලුවට වගේ ට TV එකේ යන නාට්ටියක්(නාට්ටි කිව්ව්වේ නාට්‍යය කියන වචනය කෙටි කරලලු) එහෙම බලන කොල්ලෙක් තමයි. ඔහොම බලනකොට දැක්ක සිද්ධියකින් පොඩි කතාවක් මටක් උනා. සිද්ධිය ඉතින් කස්ටිය දකින්න ඇති එත් කියන්නම්. කැම්පස් එකට අලුතෙන් අපු සෙට් එකක් රැග්‍(Rag) කරන සීන් එකක්. කස්ටියට බයිසිකල් රේස් එකක් වගේ රගපාන්න කියන්නේ.       කියන්න අපු එකත් අමතක වෙනවා.මට මතක් උන කතාව..... මේක කිව්වේ ගම්පහ ඉන්න ප්‍රසිද්ධ සර් කෙනෙක්(සැ.යු. සර් ගේ අදහස තිබුනට මගේ අතින් දාපු ඒවත් ඇත)  .   මේකයි ස්ටොරිය A/L කරන කට්ටිය ප්‍රධාන...
Read More

Friday, June 8, 2012

෴දින පොතේ පළමු පිටුව.෴

බ්ලොග් ලියන කියවන යාලුවනේ, මේක තමයි මගේ පළමුවන පොස්ට් එක, ඔන්න මේක කියවන කස්ටිය බලනවා ඇති කව්ද බෝල මේ අලුත් එකා කියලා ඔන්න ඉතින් දිනපොත ගැනත් මම ගැනත් පොඩියට සදහනක් කරලා මගේ දින පොතේ පළමු පිටුව පටන් ගන්න හිතුනා. ඔක්කොම දන්නවා ඇතිනේ දිනපොත කියන එක එකට සිංහලෙන් කියන්නේ ඩයිරිය (diary) කියලා. තව ඔක්කොම දන්නවනේ දිනපොතේ හම්බවෙන හැම මගුලම ලියනවා කියලා  ඩයිරියේ  ලියන දේට සීමාවක් නෑ මම දන්න එකෙක් ඉන්නවා එකා ඩයිරියේ ලියන්නේ කවි විතරයි. තව දෙයක් කෙනෙකගේ පෞද්ගලික ඩයිරියක් බලන එක හොද සිරිතක් නෙමේ.( ඔන්න දැන් අහන්න එපා එතකොට අර කවි...
Read More
 
;